තෝපූර් පිපිරීමකින් පාසල් සිසුවෙකු මරුට

ත්‍රිකුණාමලය – ලක්මාල් කේ. බදුගේ 

මුතුර් පොලිස් වසමට අයත් ඉක්බාල් නගර් කලපුව අසල ලදු කැලෑවේ ඊයේ (12) පස්වරුවේ සිදුවු පිපිරිමකින් පාසල්සිසුවෙක් එම ස්ථානයේදිම මියගියබව පොලිසිය කියයි.

මෙලෙස මියගොස් ඇත්තේ මුතුර්, තෝපුර්ඉක්බාල් නගර් කොට්ඨාස අංක 07 පදිංචි හාපිස් නලිම් (15) නැමැති පාසල් සිසුවාය.තෝපුර් අල්- සිපා විද්‍යාලයේ 10 වසරේ ඉගෙනුම ලබන මෙම සිසුවා පස්වරුවේ නිවසේ ඇති කරන එළුවන්ට කෑම සදහා කොල අතු කපද්දි මෙම පිපිරිම සිදුවි තිබේ.පිපිරිම සිදු වු ස්ථානයේ යුධ ගැටුම් සමයේ යුධ හමුදා කදවුරක් තිබි ඇති අතර ගැටුම් වලින් පසුව එම කදවුර ඉවත් කර ඇතැයි මුලික පරික්ෂණ වලින් පොලිසිය සොයාගෙන තිබේ. මියගිය සිසුවා එම ස්ථානයේ ඇති  කුඩා ශාක වර්ග මුල් වලින් ගැලවිම සදහා පිහියෙන් කපද්දි මෙම පිපිරිම සිදුවි ඇති අතර පිහිය දෙකට කැඩි ගොස් තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණයක් ආරම්භ කල මුතුර් පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක කේ.ජි.අයි.යු.කේ.සෝමනුවර මහතා මෙය කුමන වර්ගයේ බෝමබ පිපිරිමක්ද යන්න සෙවිම සදහා වැඩිදුර පරික්ෂණ පවත්වාගෙන යයි.මියගිය සිසුවාගේ මළ සිරුර තෝපුර් ප්‍රාදේශිය රෝහලේ තැන්පත් කර ඇත.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published.