තොණ්ඩමාන්ලාගේ දීගය පොහොට්ටුව එක්ක

එළඹෙන මහ මැතිවරණයේදි සිය පක්ෂය පොදු ජන පෙරමුණ සමග සන්ධාන ගත වි තරඟ කිරිමට නාමයෝජනා අත්සන් කිරිම අද (11) දින කොළඹ ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ කාර්යාලයේදි සිදුකළ බව ලංකා කම්කරු කොංග්‍රසය පවසයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඇතුළු මැති ඇමතිවරුන් ඉදිරියේ ආරුමුගම් තොණ්ඩමන් නාම යෝජනා පත්‍රය අත්සන් කළ අතර , අත්සන් කරන ලද නාම යෝජනා පත්‍රය ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂගේ සුරතින් භාර ගන්නා ලදි.
ලංකා කම්කරු කොංග්‍රසයේ නායක අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් සහ ලංකා කම්කරු කොංග්‍රසයේ උප සභාපති සෙන්දිල් තොණ්ඩමන් බදුල්ල දිස්ත්‍රික්කයෙන්ද තරඟ කිරිමට නියමිතයි.
නුවරඑ<sය දිස්ත්‍රික්කයෙන් ආරුමුගම් තොණ්ඩමන්ට අමතරව පක්ෂයේ භාණ්ඩාගාරික මරදපාණ්ඩි රමේෂ්වරන් සහ එම පක්ෂයේ තවත් සභාපතිවරයෙක් තරඟ කිරිමට නියමිතය