තොණ්ඩමාන්ගෙ පුටුව CBට
ශ්‍රි ලංකා නිදහස් පොදු ජන පෙරමුණේ නුවරඑළිය දිස්ත්‍රික් කණ්ඩායම් නායකත්වය හිටපු රාජ්‍ය අමාත්‍ය නුවඑළිය දිස්ත්‍රික් අපේක්ෂක සි.බි රත්නායක මහතාට ලබාදී තිබේ. එම පක්ෂයේ නායක සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් පෙරේදා (17) දින සිට මෙම පත්කිරීම සිදුකර ඇත.
මෙවර මහ මැතිවරණයේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ශ්‍රි ලංකා නිදහස් පොදු ජන පෙරමුණේ නායකත්වය දැරූ ලංකා කම්කරු කොංග්‍රසයේ නායක හිටපු අමාත්‍යය ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ හදිසි අභාවය හේතුවෙන් එම තනතුර පුරප්පාඩු විය.
ලංකා කම්කරු කොංග්‍රසයේ වත්මන් මහ ලේකම් ජීවන් තොණ්ඩමන් මහතා ඇතුළු එහි ජෙෂ්ඨයන් සමඟ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමෙන් පසු අග්‍රාමාත්‍යවරයා විසින් මෙම පත්කිරීම සිදුකර තිබේ.