තොණ්ඩමනුත් විජේදාසට විරුද්ධයි.

විජේදාස රාජපක්ෂගේ 21 වැනි ව්‍යවස්ථා සංශෝධනයට ඇමති ආරුමුගම් තොණ්ඩමාන්ගේ ලංකා කම්කරු කොංග්‍රසයද විරුද්ධ වීමට ඉඩ ඇති බව වාර්තා වේ. සුලු ජන අයිතීන් හෝ නියෝජනයට බාධා වන ඕනෑම දෙයකට තමන් සහ තම පක්ෂය විරුද්ධ වන බව ආරුමුගම් තොණ්ඩමාන් පවසා තිබේ. වතුකරයේ ජනයාට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා දුන් පොරොන්දු ඉටු වන අන්දම තෛපොංගල් සමයෙන් පසු බලා ගැනීමට හැකි බවද හෙතෙම පැවසීය.
පාර්ලිමේන්තුව නියෝජනය සඳහා කිසියම් පක්ෂයක් ලබා ගත යුතු අවමය සියයට 5ක ඡන්ද ප්‍රතිශතය සියයට 12.5 ක ප්‍රතිශතයක් දක්වා ඉහළ නැංවීමේ යෝජනාවට මේ වනවිට පක්ෂ කිහිපයක්ම විරෝධය පළ කර තිබේ. ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය මෙන්ම ආණ්ඩුව නියෝජනය කරන ඊ.පී.ඩී.පී පවා ඒ සම්බන්ධයෙන් සම ස්ථාවරයක් දරයි. 21 සම්මත වුවහොත් සුලු පක්ෂවලට සහ සුලු ජන නියෝජතයින්ට පාර්ලිමේන්තුවේ දොර වැසෙනු ඇත. එය ජාතික ගැටලුවට විසඳුමක් සෙවීමේ කාර්යයටද බාධාකාරී වනු ඇතැයි ඇතැම් පක්ෂවල අදහසයි.
පී. නඩේෂන්