තේවලට හොඳ මිලක් රුපියලට හොඳ කලක්

 තේවලට හොඳ මිලක් රුපියලට හොඳ කලක්

කොවිඩ් -19 වෛරසය පැතිර යාමේ අවධානමත් සමඟ සති කිහිපයකට පසු කොළඹදී ඊයේ (08) පැවැත් වුණු තේ වෙන්දේසියේදි උඩරට සහ පහත රට තේ කිලෝවක් සදහා වාර්තාගත මිලක් ලැබුණු බව වතු අධිකාරිවරු පවසති.
මෙවර වෙන්දේසියේදී තේ කිලෝවකට රුපියල් 700.00 ක මිලක් නියම වී තිබෙන අතර එය අවසන් වරට පැවැත්වුණු වෙන්දේසියේදී හිමිවූ මිලට වඩා රුපියල් 100.00 ක වැඩිවීමකි.
මධ්‍යම කඳුකරයට පුරා මාස හතරක් තිස්සේ පවතින දැඩි වියළි කාලගුණික තත්ත්වයත් සමඟ තේ ඵලදාව අඩුවී තේ නිෂ්පාදනය 40% කින් පහත වැටී තේ කර්මාන්තය කඩා වැටිමේ අවධානමක පැවති අවස්ථාවක උඩරට සහ පහතරට තේ කිලෝවක් සදහා රුපියල් 700.00 ක මුදලක් වෙන්දේසියේදි හිමිවීම තේ කර්මාන්තයේ අනාගතය පැත්තෙන් සුබ ලකුණක් බවද වතු අධිකාරිවරු ප්‍රකාශ කරති.
කොවිඩ් -19 වෛරසය පැතිර යාමේ අවධානමත් සමඟ ලොව බොහෝ රටවල ජනතාව නිවෙස් වලට වී කාලය ගත කිරීම නිසා තේ පානය කිරීම ඉහළ ගොස් තිබෙන බවත් මේ නිසා ලෝක වෙළෙඳ පොළේ ශ්‍රි ලංකාවේ තේ සදහා ඉහළ ඉල්ලුමක් ඇතිව තිබෙන බවත් පවසන වතු අධිකාරිවරු තේ සඳහා ඇති ඉල්ලුම මෙලෙසින්ම තවත් මාස කිහිපයක් පැවතිය හොත් රුපියලේ අගය කඩා වැටීමද යම් තරමකට පාලනය වනු ඇති බවද පෙන්වා දෙති.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *