තෙල්දෙණියේ බසයක් පෙරළී 22 රෝහලේ

තෙල්දෙණිය ඩිපෝවට අයත් බස් රථයක් තෙල්දෙණිය රඹුක්වැල්ල ප්‍රදේශයේදී අද (22) පෙරවරු 11.00 ට පමණ මාර්ගයෙන් ඉවතට පැන අඩි 40 ක පමණ බෑවුමකට පෙරළීමෙන් එහි ගමන් ගත් මගීන් 22 දෙනෙකු තුවාල ලබයි. තුවාලකරුවන් තෙල්දෙණිය දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කර තිබේ.
බස් රථය ධාවනය වෙමින් තිබියදී එම මාර්ගයේම ගමන් කරන අතර පෙරළී තිබූ යතුරු පැදියක් බසයේ ගැටීම වැළැක්වීම සඳහා බස් රථ රියදුරු ක්‍රියා කළ අවස්ථාවේ රථය බෑවුමට පෙරළුණු බව රියදුරු පවසයි.
තුවාලකරුවන් තෙල්දෙණිය දිස්ත්‍රික් රෝහලට ඇතුලත් කර ඇති අතර ඔවුන්ගේ තත්වය බරපතල නොවන බව රෝහල් බලධාරීහු සඳහන් කරයි. යතුරු පැදිකරු මහනුවර ජාතික රෝහලට මාරුකර එවා තිබේ.
බස් රථය බෑවුමේ මැද ඇති ගසක වැදී නතර නොවී පහළට ඇදී ගියේ නම් වික්ටෝරියා ජලාශයට ඇද වැටෙන්නට ඉඩ තිබුණු බව ප්‍රදේශවාසීහූ පවසති
ගයාන් යද්දෙහිගේ