තෙමස් බිළිඳා සමග හිඟා කෑ අම්මා හිරගෙට බිළිඳා පරිවාසෙට
අසනීප තත්ත්වයේ පසුවන තම දරුවාට අවශ්‍යය ඖෂධ ලබා ගැනීම සඳහා මුදල් ලබාදෙන ලෙස ඉල්ලමින් මාස කිහිපයක් වයසැති බිළිදෙකු අත රඳවා ගෙන මහනුවර නගරයේ සැරිසැරූ කාන්තවක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන වෛද්‍යවරයෙකු වෙත ඉදිරිපත් කිරීමෙන් පසු එම දරුවාට කිසිදු රෝගයක් නොමැති බව හෙළිව තිබේ.
මහනුවර ජාතික රෝහලේ වෛද්‍ය,නීතීඥ පාලිත බණ්ඩාර සුබසිංහ මහතා විසින් පොලීසියට කරන ලද පැමිණිල්ලකින් පසු අදාළ කාන්තාව මහනුවර පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
අදාළ කාන්තාවගේ අතේ සිටින කුඩා බිළිඳා සෑම අවස්ථාවකම නිදාගෙන සිටීම සම්බන්ධව සැකිසිතී වෛද්‍යරයා විසින් දරුවාට කිසියම් මත්ද්‍රව්‍යයක් ශරීරගත ඇද්ද යන්න සම්බන්ධය සොයා බලන ලෙස පොලීසියට පැමිණිල්ලක් කරමින් දන්වා තිබේ.
මෙම කාන්තාව මත්කුඩු පානය කර දරුවාට කිරි ලබා දෙන්නේද යන්න තහවුරු කර ගැනීම සඳහා ඇගේ රුධිර සාම්පලයක් ලබා ගැනීමට කැමැත්ත විමසූ අවස්ථාවේ ඇය ඊට අකමැති වී ඇත.
වයස මාස තුනක් පමණ වන දරුවාගේ රුධිර සාම්පලයක් ගෙන අදාළ පරීක්ෂණය සිදු කිරීමට මහනුවර අතිරේක මහේස්ත්‍රාත්වරයාගේ අවසරය ලැබී තිබේ.
සන්ධ්‍යා කුමාර නැමැති කාන්තාව පෙබරවාරී මස 14 දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබ ඇත.
බිළිඳා උඩපේරාදෙණිය ටිකිරි ළමා නිවාසයට යොමු කරන ලෙසද අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.
කුඩා දරුවන් යොදා ගනිමින් සිඟමන් යදින කාන්තාවන් පිළිබඳ විශේෂ විමර්ශනයක් සිදුකරන ලෙස මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චමිල් රත්නායක මහතා මහනුවර ළමා හා කාන්තා කාර්යාංශයට උපදෙස් ලබාදී තිබේ.