තැබෑරුම් ඇරේ, පාලනයට පොලීසිය හා සුරාබදු නිලධාරීන්,

 තැබෑරුම් ඇරේ, පාලනයට පොලීසිය හා සුරාබදු නිලධාරීන්,

කොවිඩ් 19 වසංගත ව්‍යාප්තිය හේතුවෙන් පනවා තිබූ සීමා කිරීම් ලිහිල් කිරීම සමග දිවයින පුරා මත්පැන් සිල්ලරට අලෙවි කරන ස්ථාන අද (13) විවෘත විය. කෙසේවෙතත් සමාජ දුරස්ථ බව සහ පුද්ගල සනීපාරක්ෂාව පවත්වා ගැනීම ඇතුළු දැඩි කොන්දේසි සහ උපදෙස් මත මත්පැන් හල් විවෘත කිරීමට අදාල නියාමන කාර්යය සිදු කෙරෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.
මත්පැන් හල් විවෘත කිරීමට පෙර විෂබීජහරණය කිරීමටද උපදෙස් දී තිබේ. ඒවායේ හිමිකරුවන් මෙන්ම පාරිභෝගිකයන්ද සමාජ දුරස්ථ බව ඇතුළු සෞඛ්‍ය උපදෙස් පිළිපදින අන්දම නිරීක්ෂණය කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව ක්‍රියා කරන අතර නොඑසේ නම් උපදෙස් පිළි නොපදින සුරා සැල් වසා දැමීමට සිදුවන බව දන්වා තිබේ.

ඒ අතර, අද සුරා සැල් විවෘත කිරීමත් සමග දිවයිනේ ඇතැම් නගරවල ඒවා ඉදිරියේ තදබදයක් ඇති විය. එලෙස හැටන් නගරයේ සුරා සැල් අසළ දැඩි තදබදයක් ඇතිවීම නිසා සෙනඟ පාලනය කිරීමට පොලීසිය යෙදවීමටද සිදු විය.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *