තැපැල් සේවකයෝ කපාගත් වැටුප නැවත ඉල්ලති.

 තැපැල් සේවකයෝ කපාගත් වැටුප නැවත ඉල්ලති.

රජයේ නිල තීන්දුවකට අදාල චක්‍රලේඛනයක් හෝ ගැසට් පත්‍රයක් රහිතව පසුගිය අප්‍රේල් මස වැටුපෙන් කපාගත් සිය දිනක වැටුප නැවත ගෙවන මෙන්, ලංකා තැපැල් සේවා සංගමය ඉල්ලා සිටී.
එහි ප්‍රධාන ලේකම්, ඩී.එම් විජේරත්නගේ අත්සනින් යුක්තව තැපැල් අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත යැවූ ලිපියෙන් අවධාරණය කර ඇත්තේ තැපැල් සේවකයන්ගේ කැමැත්ත විමසීමකින් තොරව හුදෙක් තැපැල්පතිවරයාගේ අභිමතය පරිදි ගත් තීන්දුවක් අනුව සිය දිනක වැටුප කොවිඩ් අරමුදලට බව පවසමින්  අඩුකර ඇති බවයි.

රටෙහි සෙසු ජනයා මුහුණ දෙන ආර්ථික අපහසුකම්වලට තැපැල් සේවකයාද ගොදුරුව සිටින බැවින් මෙම මුදල් නැවත ගෙවන මෙන් තැපැල් සේවා සංගමය සිය ලිපියෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *