තැපැල් වර්ජනයෙනුත් රෝගීන්ට පීඩා – රෝහිණී කවිරත්න

කොවිඩ් එන්නත ලබා නොදිම මත තැපැල් වර්ජනය කිරිමෙන් නිධන්ගත රෝගීන්  දසදහසකට අධික පිරිසක් ඖෂධ නොමැතිව පීඩාවට පත්ව සිටින බව මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි රෝහිණි කවිරත්න මහත්මිය පවසයි.

මහනුවර සහ මාතලේ දිස්ත්‍රික්ක දෙකෙහි හෘද , වකුගඩු , අධිකරුධිර පීඩන, දියවැඩියාව , පිළිකා සහ ස්නායු ආබාධ සහිත රෝගීන් සංඛ්‍යාව දස දහස ඉක්මවා සිටින බවට පළාත් සෞඛ්‍ය වාර්තා අනාවරණය කර ඇති අතර , මෙම පිරිස් සතිපතා සායන හරහා ඖෂධ ලබා ගන්නා බවද ඇය කීවාය. මාසයක් පුරා  පවතින සංචරණ සීමා හේතුවෙන් රෝගින් ඖෂධ ගෙන්වා ගන්නේ තැපැල් මගින් බවද ඇය කීවාය.

නමුත් , මහනුවර සහ මාතලේ තැපැල් ස්ථාන පස්සිය දහතුනක වර්ජනය හේතුවෙන් ඖෂධ බෙදා හැරීම සම්පූර්ණයෙන් අඩාල වී ඇති බවත් , කන්න වේල සොයා ගත නොහැකි ජනතාවට ඖෂධ මිලදි ගැනිමේ කිසිදු හැකියාවක් නැති බවත් මන්ත්‍රිවරිය කියා සිටියාය.

මාතලේ දිස්ත්‍රික්කයේ තැපැල් ස්ථාන එකසිය දහය වෙනුවෙන් වෙන්කර ඇති එන්නත් මාත්‍රා ගණන සියයක් බවත් මහනුවර දිස්ත්‍රික්කයේ තැපැල් ස්ථාන හාරසිය තුන සදහා වෙන්කර ඇති එන්නත් මාත්‍රා ගණන දෙසිය පනහක් බවත් දැන ගන්නට තිබෙන බවද කී මන්ත්‍රිවරිය මෙම පිරිසට එන්නත් ලබා දීම කඩිනම් කිරිමට රජය වහා පියවර ගත යුතුබවද කියා සිටියාය.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published.