ත්‍රිකුණාමලය කාබනික පොහොර බෙදා දීම ඇරඹේ

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ 2021/22 මහ කන්නයේ වගා සදහා කාබනික පොහොර තොග හා දියර පොහොර වශයෙන් ලැබෙමින් පවතින බව ත්‍රිකුණාමල ගොවිජන සේවා සංවර්ධන දෙපාර්තමේන්තුව කියයි.

එම දෙපාර්තමේන්තුවේ ත්‍රිකුණාමල දිස්ත්‍රික් සහකාර ගොවිජන සේවා සංවර්ධන කොමසාරිස් වරුණි සර්වානන්දන් මහත්මිය පැවසුවේ පෙරේදා (20) වනවිට ගොවින්ට නොමිලේ බෙදාදිම සදහා කාබනික පොහොර මෙට්‍රික් ටොන් 407ක් ලැබුණු බවයි. දිස්ත්‍රික්කයේ පිහිටි ගොවිජන සේවා මධ්‍යස්ථාන 22 න්  12 කට ප්‍රමුඛතාවය මත එම පොහොර බෙදා හැරිය බවද සහකාර කොමසාරිස්වරිය කීය.

හෙක්ටයාර්යක් සදහා කාබනික පොහොර කිලෝ ග්රෑම් 40ක් හා දියර පොහොර ලීටර් 10ක් බැගින්  හෙක්ටයාර් දෙකක උපරිමය දක්වා එක් ගොවියෙකුට මෙලෙස නොමිලේ කාබනික පොහොර හා දියර පොහොර ලබාදෙන බව සහකාර කොමසාරිස්වරිය පැවැසුවාය.

දිස්ත්‍රික්කයේ හෙක්ටයාර් 48892 ක් මෙවර අස්වද්දන අතර මේ සදහා කාබනික් පොහොර මෙට්‍රික් ටොන් 1836.5 ක් අනුමත වි තිබේ.අමතර පොහොර කිලෝග්රෑම් 35 ක බරින් යුතු බෑගයක් රුපියල් 1300 කට ගොවිජන සේවා මධ්‍යස්ථාන වලින් මිලදි ගත හැකි බවද කොමසාරිස්වරිය වැඩිදුරටත් කියා සිටියාය.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *