ත්‍රිකුණාමලයට ආ ඉන්දීය නැවේ 17කට කොරෝනා
ත්‍රිකුණාමලයේ චීන වරාය පිහිටි ඉන්දීය ලංකා අයි.ඕ.සී සමාගමේ ගබඩා වෙත ඉන්ධන රැගෙන ආ නැවක කාර්ය මණ්ඩලයේ 17 දෙනෙකුට කොවිඩ් 19 රෝගය වැළඳී ඇතැයි සැක කරන බව ත්‍රිකුණාමලය ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලයේ වසංගත රෝග පිළිබඳ වෛද්‍ය නිලධාරි ටී. තිලෝජන් මහතා පවසයි. ඊයේ (26) දින ඔවුන්ගේ තත්ත්වය පිළිබඳ පී.සී.ආර් පරීක්ෂණ මගින් අනාවරණය වීඹ නිසා අදාල නෞකාව මේ වන විට වරායෙන් පිටත රඳවා ඇත.
සිංගප්පුරුවේ ලියාපදිංචි ක්ලැරිටි නම් මෙම නැව ඉන්දියාවේ සිට කොළඹට දැවිතෙල් ප්‍රවාහනය කර තිබෙන අතර ඉන්ධන මෙට්‍රික් ටොන් 4000ක් සමඟ පසුගිය 25 වැනිදා ත්‍රිකුණාමලය වරායට සේන්දු වී ඇත. වරායට පැමිණීමෙන් පසුව එහි සේවය කරන නාවිකයෙකුට උණ රෝගය ඇති බව නිරීක්ෂණය කළ වෛද්‍යවරු ඒ හේතුවෙන් සෙසු පිරිස පී.සී.ආර් පරීක්ෂාවට ලක් කිරීම නිසා මෙලෙස 17 දෙනෙකුට කොවිඩ් 19 රෝගය වැළඳී ඇතැයි සැක සහිත ලක්ෂණ ඇති බව තහවුරු කර ගත්හ.
එබැවින් ඔවුන් නෞකාව තුළම රඳවා නළ මාර්ග ඔස්සේ යාන්ත්‍රිකව තෙල් බෑම සිදු කළ අතර මේ වනවිට රෝගීන් බව තහවුරුව ඇති හෙයින් නැව වරායෙන් පිටත රඳවා තිබේ.