ත්‍රිකුණාමලය නගරයට විදුලිය නොකපා සෙසු කලාප වලට විදුලිය කපා දැමීම අසාධරණයි – පදිංචිකරුවෝ
ත්‍රිකුණාමලය – ලක්මාල් කේ. බදුගේ
ත්‍රිකුණාමලය නගර පෝෂක කලාපයේ පමණක් විදුලිය නොකපා සෙසු පෝෂක කලාප වල විදුලිය කපා දැමීම අසාධාරණ ක්‍රියාවක් බවත් ලංකා විදුලි බළ මණ්ඩලයේ නැගෙනහිර නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයාගේ උපදෙස් මත මෙම ක්‍රියාව සිදුවන්නේ යැයි විදුලි සේවකයෝ පවසති.
විදුලිය කපා දැමීම සඳහා කොළඹ සිස්ටම් කන්ට්‍රෝල් රූම් එකෙන් නැගෙනහිර කොන්ට්‍රෝල් සෙන්ටර් එකට දැනුම් දෙනවා ලෝඩ් එක අඩු කරන්න කියලා නමුත් දැන් මැනුවල් සෙටින් කරන්නෙ නෑ ඒ නිසා ත්‍රිකුණාමලය නගර පෝෂක කලාපයේ විදුලිය මැයි 10 වැනිදා ඉඳලා කැපෙන්නේ නෑ අපි ප්‍රමුඛතාව දීලා තියෙන්නේ ත්‍රිකුණාමලය මහ රෝහලට හා කන්තලේ පොම්පාගාරයට විදුලිය නොකපා පවත්වාගෙන යන්න ඒක මැනුවලි කරන්න ඕන එකක් නමුත් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයාගේ උපදෙස් මත මැනුවලි ලොඩ් සෙටින් නවත්වලා තියෙනවා. ඒක නිසා ත්‍රිකුණාමලයේ පෝෂක කලාප හතක විදුලි කප්පාදුව නියමිත පරිදි සිදුවනවා විදුලි අධිකාරිවරු, ඉංජිනේරුවරු සිටින නගරය කලාපයේ විදුලිය අඛණ්ඩවම තියෙනවා යැයි නම කීමට අකමැති විදුලි සේවකයකු පැවැසීය.
එල්ලවන මෙම චෝදනා සම්බන්ධයෙන් කල විමසුමකට පිළිතුරු දුන් ලංකා විදුලි බළ මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (නැගෙනහිර) ප්‍රධාන ඉංජිනේරු එස්. අලගොඩ මහතා පැවැසුවේ තමන් එවන් උපදෙසක් නිකුත් කර නොමැති බවයි. මේ වනවිට අපි සේවකයන් යොදාගෙන සිදු කරන මැනුවලි ලෝඩ් සෙටින් කිරීම නවත්වලා තියෙනවා. නමුත් විදුලිය අඛණ්ඩවම ලැබෙන්නේ ත්‍රිකුණාමලය මහ රෝහල පිහිටි නගර පෝෂක කලාපය ප්‍රදේශයට අපි රෝහලට හා ජල පොම්පාගාරයට විදුලිය දෙන්න ප්‍රමුඛතාව දීලා තියෙනවා යැයි පැවැසීය.