ත්‍රිකුණාමලයේදී අලෙවියට රැගෙන ගිය ජෙලග්නයිට් අල්ලයි

ත්‍රිකුණාමලය – ලක්මාල් කේ. බදුගේ

අලෙවි කිරීමට රැගෙන යමින් තිබු ජෙලග්නයිට් කරල් 58 ක් හා විදුලි නොවන ඩෙටනේටර් 100 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත් අඩංගුවට ගැනීමට ත්‍රිකුණාමලය මූලස්ථාන පොලිසිය සමත්වුහ.

නාවික හමුදාවට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර තිබුණි.

ජෙලග්නයිට් රැගෙන පැමිණි සැකකරුවන් ත්‍රිකුණාමල මධ්‍යම බස් නැවතුම්පල අසල ත්‍රිරෝද රථයක් තුළ ඒවා රැගෙන යාමට සූදානමින් සිටියදී අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් හා ජෙලග්නයිට් තොගය ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය ට ඉදිරිපත් කිරීම ට නියමිතය. ත්‍රිකුණාමලය මූලස්ථාන පොලිසිය මේ සම්බන්ධව වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *