ත්‍රිකුණාමලයට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බෙදී⁣මේ සැළසුමක් – දිසාපති

ත්‍රිකුණාමලය – ලක්මාල් කේ. බදුගේ 

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ  අත්‍යාවශ්‍ය භාණ්ඩ  හා සේවා බෙදා හැරිමේදි  ජනතාවට අපහසුතාවයක්  ඇති නොවන පරිදි අවශ්‍යතා අනුව  බෙදා හැරිම් සිදු කරන්නැයි  දිසාපති බි.එච්.එන්. ජයවික්‍රම මහතා නිලධාරින්ට උපදෙස්  ලබා දුන්නේය.

අත්‍යාවශ්‍ය භාණ්ඩ හා සේවා බෙදා හැරිමේදි  ඇතිවන ගැටලු හා  හිගය  පිළිබද ප්‍රගති සමාලෝචන  රැස්විමේදි  දිසාපතිවරයා අදාල  උපදෙස් දෙනු ලැබිය. මෙම රැස්විම ත්‍රිකුණමල  දිසාපති කාර්යාලීය ශ්‍රවනාගාරයේදි පැවැත්වුණි.

යල කන්නයේ වගා සදහා  බිම් සැකසීම  ඉදිරි සති දෙක තුලදි සිදුකර අවසන් කල  යුතු බවත්  ඔවුන්ට අවශ්‍ය ඉන්දන පිරවුම්හල්වලින්  බාධාවකින් තොරව  ලබාදිමට කටයුතු කරන්නැයි  දිසාපතිවරයා  මෙහිදි අවධාරණය කලේය.

වර්තමානයේ  රටේ පවතින  තත්වය හමුවේ  දිස්ත්‍රික්කය තුල  නිතිය හා සාමය පවත්වාගෙන යෑම පිළිබදව දිසාපතිවරයා මෙහිදි ආරක්ෂක අංශ වලින්  කරුණු විමසීමක්ද සිදු කලේය.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published.