තහනම් පන්න භාවිතා කළ මුලතිව් ධිවරයෝ අත්අඩංගුවට
තහනම් දැල් යොදා මුලතිව් හා පුල්මුඩේ අතර වූ මුහුදු තීරයේදී මසුන් අල්ලමින් සිටි ධීවරයින් 09 දෙනෙකු ඒවන විට අල්ලා තිබූ කිලෝ 200ක් පමණ වන මත්ස්‍ය අස්වැන්නද සමග ඊයේ (06) දින නාවික හමුදා භාරයට ගෙන ඇත.එලෙස තහනම් දැල් යොදා මසුන් අල්ලමින් සිටි ධීවරයින් අත්අඩංගුවට ගෙන ඇත්තේ නැගෙනහිර නාවික විධානයට අයත් නාවික සෙබලුන් පිරිසක් විසින් පුල්මුඩෙි මුහුදු තීරයේදී සිදු කරන ලද සෝදිසි නිරීක්ෂණයකදීය.
එහිදී ධීවරයින් 09 දෙනා සමග තහනම් දැල් දෙකක් , ධීවර යාත්‍රා දෙකක්, මත්ස්‍ය කිලෝ 200 ක්ද ඇතුළු තවත් ධීවර ආම්පන්න තොගයක්ද නාවික හමුදා භාරයට ගනු ලැබීය.
නාවික හමුදා භාරයට ගත් ධීවරයින් අවුරුදු 19 ත් 53 ත් අතර වියෙහි පසුවන පුල්මුඩේ පදිංචි කරුවන් වන අතර ඔවුන් වැඩි දුර පරික්ෂණ කටයුතු සඳහා මුලතිව් සහකාර ධීවර පරික්ෂක කාර්යාලය වෙතට භාර දීමට නාවික හමුදාව පියවර ගනු ලැබීය.