තවත් කොටි මරණයක්

මන්දකට හසු වි තේ වත්තක මිය ගොස් සිටි හොදින් වැඩුණු කොටියෙකුගේ සිරුරක් අද (02) දින පස්වරුවේ සොයගත් බව නල්ලතන්නිය වනජිවි කාර්යයාලයේ වන සත්ව අඩවි ආරක්ෂක ප්‍රභාෂ් කරුණාතිලක මහතා පැවසිය.
නාවලපිටිය පොලිස් වසමට අයත් බාකෙඩ් වතුයායේ බාකෙපල් කොටසේ මිය ගිය කොටියෙකුගේ සිරුර තිබෙන බවට වතු කම්කරුවන් වතු පාලන අධිකාරි දැනුවත් කිරිමෙන් පසු නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ නිලධාරින්ට දැනුම් දි ඇත.
අවුරුදු 8 පමණ වයසැති හොඳින් වැඩුණු කොටියා අඩි 7 පමණ දිගකින් යුක්ත බවත්, මේ දිනවල පවතින දැඩි වියළි කාලගුණයත් සමග ජලය , ආහාර සහ ගොදුරු සොයා පැමිණෙන වන සතුන් ඇල්ලිම සදහා දඩයම්කරුවන් විසින් අටවා තිබු මන්දකට කොටියා හසු වි ඇති බවත්, මන්ද කඩාගෙන දිවගොස් ඇති කොටියා මිය යාමෙන් පසු දඩයම් කරුවන් විසින් කොටියාගේ සිරුරේ පැටලි තිබු මන්ද ගලවාගෙන ගොස් ඇති බවත් ප්‍රභාෂ් කරුණාතිලක මහතා කියා සිටියේය.
මෙසේ සොයාගත් කොටියාගේ සිරුර සම්බන්ධයෙන් නාවලපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කර පශ්චාත් මරණ පරික්ෂණය සදහා මිනිපේ පශු වෛද්‍ය රෝහල වෙත යොමු කරන බව නල්ලතන්නිය වනජිවි කාර්යයාලයේ වන සත්ව අඩවි ආරක්ෂක ප්‍රභාෂ් කරුණාතිලක මහතා වැඩි දුරටත් කියා සිටියේය.