තලවාකැලේ ලිදුල නගරාධිපති තෝරා ගැනීම වළක්වන අතුරු තහනමක්

තලවාකැලේ ලිදුල නගර සභාවෙහි පුරප්පාඩුව පවතින නගරාධිපති ධූරය සඳහා මන්ත්‍රීවරයෙකු පත් කිරීමට අදාලව අද (31) පැවැත්වීමට නියමිත ඡන්ද විමසීම අත්හිටුවන මෙන් අභියාචනාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක් ලබා දී ඇත.

නගර සභාවේ හිටපු සභාපති අශෝක සේපාල සිය සභාපති ධූරයෙන් හා මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පසුව නව සභාපතිවරයෙකු පත් කර ගැනීමේ නිලවරණය අද පැවැත්වීමට නියමිතව තිබුණි. ඒ මධ්‍යම පළාතේ පළාත් පාලන කොමසාරිස් මේනක හේරත් ගේ ප්‍රධානත්වයෙනි.

තමන් මන්ත්‍රී ධූරයෙන්ද ඉල්ලා අස් වී තිබියදී, එම පුරප්පාඩුවට මන්ත්‍රීවරයෙකු සිය ස්වාධීන කණ්ඩායමෙන් මැතිවරණයට තරඟ කළ අය අතරින් තෝරා පත් කිරීමෙන් තොරව සභාපති නිලවරණය පැවැත්වීම අසාධාරණ බව පවසා අභියාචනාධීකරණයට පෙත්සමක් ගොනු කොට තිබුණේ හිටපු සභාපති අශෝක සේපාල විසිනි.

එම පෙත්සම සළකා බැලූ අභියාචනාධිකරණය ඊයේ දින මධ්‍යම පළාත් පාලන කොමසාරිස්වරයාට සහ නගර සභාවේ ලේකම් වරයාට මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කර තිබුණි.

පසුගිය මාර්තු 05 වැනිදාද තලවකැලේ ලිදුල නගර සභාව සඳහා නව සභාපතිවරයෙකු පත් කර ගැනීම සඳහා නිලවරණයක් පැවැත්වීමට පියවර ගත් නමුත් මන්ත්‍රීවරුන්ගේ ගණ පූර්ණයක් නොමැති වීම නිසා එය අද (31) දක්වා කල් දැමීමට සිදු විය.

 

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published.