තමිල්නාඩු කොරෝනා රෝගීන් ලංකාවට රැගෙන එමු – සම්බන්ධන්

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පවතින දැඩි මිත්‍රශීලීභාවය හා දේශපාලනමය සබදකම මත ඉන්දියාවේ තමිල්නාඩුවේ සිටින කොරෝනා ආසාධිතයින් පිරිස ශ්‍රී ලංකාවට රැගෙන විත් ප්‍රතිකාර ලබා දීමේ කිසිම වරදක් නැති බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් මහතා පවසයි.

17 වැනිදා මාධ්‍යය හමුවේ අදහස් දක්වමින් සම්බන්ධන් මහතා කියා සිටියේ, තමිල්නාඩුවේ කොරෝනා ආසාධිතයින්ට ශ්‍රී ලංකාවේදී ප්‍රතිකාර කිරීම මගින් දේශපාලන වාසියක් අත් නොවූවත් එසේ කිරීම යෝග්‍ය බවයි.

ශ්‍රී ලංකාව කොරෝනා වසංගතයට මුහුණ දුන් අවස්ථාවේදී ඉන්දියාව ඖෂධ ආධාර හා වෙනත් උපකරණ ආධාර විශාල වශයෙන් ලබා දුන් නිසා දැනට තමිල්නාඩුවේ හිර වී සිටින කොරෝනා ආසාධිතයින් ශ්‍රී ලංකාවට රැගෙන විත් ඔවුන්ට ප්‍රතිකාර කිරීම සිදු කළ යුතු බවද  සම්බන්ධන් හිටපු මන්ත්‍රීවරයා මාධ්‍යයට අදහස් දක්වමින් කියා සිටියේය.

කෙසේවෙතත්, ඉන්දීය ධීවරයින් නීතිවිරෝධීව උතුරු ප්‍රදේශයට ඇතුළු වීම නිසා උතුරේ කෙරෝනා පැතිරීමේ දැඩි අවධානමක් ඇති බව උතුරු නැගෙනහිර ධීවර සහයෝගිතාවයේ සම්බන්ධීකාරක ඇන්ටන් ජේසුදාසන් මහතා පවසයි.

“මේ දිනවල උතුරේ ධීවරයින් විතරක් නෙමෙයි මුලු උතුරෙම වැසියන් බොහොම අවධානමකින් ඉන්නේ. ඒ  කොරෝනා දෙවන රැල්ලක බිය නිසයි. එය මුලු රටටම බලපෑමේ අවධානමකුත් තියනවා. මොකද ඉන්දියාවේ මේ වන විට වෙනත් රටවලට වඩා සීග්‍රයෙන් කොරෝනා පැතිරෙනවා. වයිරසය තියෙන ධීවරයින් මුහුදු යනවා. ඒ අය උතුරු මුහුදටත් එනවා. ඇවිත් දැන හඳුනන අපේ ධීවරයින් සමගත් කල් ගෙවනවා. එය බොහොම අවධානම් තත්වයක් එය රටේම ජනතාවටත් ඉදිරියේදී බලපාන්න ඉඩ තියනවා. මෙය දෙවරක් සැළකිය යුතු කරුණක්” යනුවෙන්ද ඇන්ටන් ජේසුදාසන් මහතා පවසයි.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *