sdr

තක්කඩි දේශපාලනයද සම්බන්ධ ලීසිං මාෆියාවට තිත තැබිය යුතුයි – අකිල එල්ලාවල

sdr

එදාවේල හම්බ කරගැනීමට මහන්සි වන ත්‍රිරෝද රථ හිමියෙකු වෙනුවෙන් පෙනී සිටි සමස්ත ලංකා එක්සත් ත්‍රිරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා කෲර ලෙස මහදවල් ඝාතනය කිරීමෙන් මෙරට ලීසිං මාෆියාවේ තරම පෙනෙන බව මෙවර මැතිවරණයේ රත්නපුර දිස්ත්‍රික් අපේක්ෂක අකිල එල්ලාවල පවසයි. බලංගොඩදී අද (12) මාධ්‍ය අමතා ප්‍රකාශයක් නිකුත් කරමින් ඔහු පැවසුවේ කොවිඩ් -19 වසංගතය නිසා ලීසිං වාරික අයකර ගැනීමට සහන කාලයක් ලබා දෙන මෙන් ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබියදී මෙලෙස කෲර ලෙස කටයුතු කළ පිරිසට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කළ යුතු බවයි.

“අපි දැන් දන්නවා මේ ලීසිං ආයතනය මහ බැංකුවේ ලියාපදිංචි කරලා නැහැ. මේ වගේ ආයතන රට පුරා තියෙනවා. මං නියෝජනය කරන රත්නපුර දිස්ත්‍රික්කයෙත් මේ වගේ කලු කඩ තියෙනවා. ඔවුන් කරන්නෙ ජනතාවගේ ලේ උරා බොන එක. වරද මේව නියාමනය කළ යුතු බලධාරින් නිහඬව සිටීම. හැමදාම මේව මේ විදිහට වෙන්න නම් අපි මහජන නියෝජිතයො විදියට ඉඳලා වැඩක් නැහැ. රජය දැඩි පියවර ගන්න ඕන මේ තත්ත්වය නිරාකරණය කරල ජනතාවට සහන සළසන්න. අපි ඊළඟ පාර්ලිමේන්තුවට පත් වුණොත් මේ ගැන සටන් කරන්න අපේක්ෂා කරනවා. ජනතාවගේ පැත්තෙ ඉඳලා.” යනුවෙන්ද පැවසූ අකිල එල්ලාවල මහතා සඳහන් කළේ ලීසිං ආයතන සීසර්ලා නමින් හඳුන්වන කුලී මැරයන් නඩත්තු කිරීම තවත් පාතාලයක් ලෙස හඳුනාගෙන මර්ධනය කළ යුතු බවයි.

“මේ වගේම තමයි ක්ෂුද්‍ර මූල්‍ය මාෆියාව. අපේ ගම්වල අහිංසක අම්මලා තමයි ඒකෙන් වැඩිපුරම අමාරුවෙ වැටෙන්නෙ. ඈත ගම්වල මිනිස්සු සිය දිවි නසාගන්නවා මේ ප්‍රශ්න නිසා. ජනාධිපති තුමා අපේක්ෂා කරන විනය ගරුක රට හදන්න නම් මේ හැම දෙයකටම විසඳුම් දෙන්න වුවමනා වෙනවා” යැයි වැඩිදුරටත් ප්‍රකාශ කළ අකිල එල්ලාවල මහතා පෙන්වා දෙන්නේ, මේ ඇතැම් මාෆියාවන් පසුපස දේශපාලනය ක්‍රියාත්මක වන බව පැවසීම සත්‍යයක් වන අතර එය නොසළකා ඊට එරෙහිව සටන් වැදීම සැබෑ ජනතා ව්‍යාපාරවල වගකීම බවයි.

නලින්ද සම්පත් සහ නාලක හෙට්ටිආරච්චි

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *