කොවිඩ්- 19 වෛසරය පැතිර යාමේ අවධානමත් සමඟ වතු සමාගම් මගින් වැටුපෙන් කොටස් ලෙස අයකර ගන්නා පදනම මත වතු කම්කරුවන්ට ලබාදුන් රුපියල් 3000.00 ක් වටිනා අත්‍යවශ්‍යය ආහාර ද්‍රව්‍යය මල්ලේ තිබූ සහල් පරිභෝජනයට නුසුදුසු බව පවසමින් මඩොල්සිම වැවිලි සමාගමට අයත් කර්කස්වොල් වතු යාය යටතේ පාලනය වන හෙල්බොඩ වතුයායේ වතු කම්කරුවන් අද (27) විරෝධතාවක නිරත වූහ. පරිභෝජනයට නුසුදුසු සහල් රැගෙන විත් එක් ස්ථානයකට ගොඩගසා වතුකම්කරුවෝ මෙම විරෝධතාව දියත් කළහ.
වතු පාලනාධිකාරිය පෞද්ගලික වෙළෙඳ සැළකින් මෙම වියළි ආහාර ද්‍රව්‍ය ඇණවුම්කර තිබෙන අතර එහි අඩංගුව තිබූ සහල් ප්‍රමාණය කිලෝ ග්රෑම් 10 කි.
එම සහල් පිසීමේදි දුර්ගන්ධයක් හමන බවත් ඒවා කිසිදු ආකාරයකින් ආහාරයට ගත නොහැකි බවත් වතුකම්කරුවෝ පවසති. සිද්ධිය සම්බන්ධයෙන් බගවන්තලාව මහජන සෞඛ්‍ය කාර්යාලය මගින් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.