ඩිලාන් ඇතුළු කිහිප දෙනෙකුට නව පත්වීම්

 ඩිලාන් ඇතුළු කිහිප දෙනෙකුට නව පත්වීම්

පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය සංවිධායකවරු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන  ඩිලාන් පෙරේරා මහතා සහ  ජයන්ත කැටගොඩ මහතා පත් කර තිබේ. මෙයට අමතරව ආණ්ඩු පක්ෂයේ සහකාර සංවිධායකවරු ලෙස පාර්ලිමේන්තු මත්ත්‍රී ජගත් පුෂ්පකුමාර මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී  මොහොමඩ් මුසාම්මිල් මහතා සහ  අසංක නවරත්න මහතා පත් කර තිබේ.

මෙම තනතුරු කැබිනට් මණ්ඩලය විසින් අනුමත කළ තනතුරු වේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගරු ඩිලාන් පෙරේරා මහතා සහ ගරු ජයන්ත කැටගොඩ මහතා අද (21) ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක මහාමාර්ග අමාත්‍ය ‍ගරු ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඉදිරියේ වැඩ භාර ගනු ලැබීය.  අනතුරුව ගරු ජගත් පුෂ්පකුමාර, ගරු මොහොමඩ් මුසාම්මිල් සහ ගරු අසංක නවරත්න යන මහත්වරු සිය තනතුරු වල වැඩ භාර ගත්හ.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *