ඩිජිටල් හැඳුනුම් පත ඉක්මනින් නිකුත් කරන මෙන් ජනපතිගෙන් උපදෙස්

 ඩිජිටල් හැඳුනුම් පත ඉක්මනින් නිකුත් කරන මෙන් ජනපතිගෙන් උපදෙස්

සියලුම පුරවැසියන්ගේ ජිව දත්ත ජීවිතයේ වරක් පමණක් ලබා ගනිමින් නිකුත් කිරීමට අපේක්ෂිත අනන්‍ය සම ඩිජිටල් හැඳුනුම්පතෙහි (unique digital identity card) වත්මන් තත්ත්වය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විමසුමට ලක්ව තිබේ. සියලු පුරවැසියන්ට මෙම නව ඩිජිටල් හැඳුනුම්පත හැකි ඉක්මණින් ලබාගතහැකි වන අයුරින් කටයුතු කරන ලෙස පෙරේදා (12) ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති රැස්වීමකදී ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.

නව හැඳුනුම්පත මගින් පුද්ගල ජිව දත්ත භෞතිකව මෙන්ම අනතර්ජාලය ඔස්සේ ද දැකගැනීමට පිළිවන. වඩාත් නිවැරදි දත්ත සමුදායකින් සමන්විත නව හැඳුනුම්පත විවිධ නීති යටතේ පාලනය වන දෙපාර්තමේන්තු සහ ආයතන අපේක්ෂා කරන තොරතුරු අන්තර්ගත කර ගනී. ගුවන් ගමන් හා රියැදුරු බලපත්‍ර ලබාගැනීමේ සිට විශ්‍රාම වැටුප්, සමෘද්ධි දීමනා, ආදායම් බදු සහ ඡන්දය ප්‍රකාශ කිරීම ඇතුළු අවස්ථා රැසකදී ඉදිරිපත් කළයුතු ජීව තොරතුරු එහි ඇතුළත් කොට තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම්ව සිටියදී ඩිජිටල් හැඳුනුම්පතක අවශ්‍යතාව යෝජනා කෙරිණි. එහි මූලික සැකසුම් 2012 වසරේදී ආරම්භ විය. නව හැඳුනුම්පත සැකසීම විද්වත් කමිටුවක් යටතේ තොරතුරු හා තාක්ෂණ ආයතනයේ පුර්ණ මගපෙන්වීමෙන් සහ ජනාධිපති කාර්ය සාධක බලකායක අධීක්ෂණයෙන් සිදු කෙරේ.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *