ටිකිරි ඉපැරණි ගමට යයි

සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා පසුගියදා පින්නවල ඉපැරණි ගම පරිශ්‍රය නිරීක්ෂණය සඳහා එක්විය.
මෙහිදී අදහස් දැක්වූ ආණ්ඩුකාරවරයා පවසා සිටියේ ඉපැරණි ගම පරිශ්‍රයේ මා ඔයේ කිඹුලන් ඉවත් කොට බෝට්ටු සේවයක් ඇති කරන බව ය. එමගින් ඉපැරණි ගමට වැඩි වශයෙන් සංචාරකයන් ආකර්ශනය කර ගැනීමට හැකියාවක් ලැබෙන බවය.
වැඩිදුරටත් අදහස් දැක්වූ ආණ්ඩුකාරවරයා පැවසූයේ ඉපැරණි ගම පරිශ්‍රයේ ඔසු උයනක් හා පේෂකර්ම අලෙවිසැලක් ආරම්භ කරන බව ය.
මෙම අවස්ථාවට නියෝජ්‍ය ප්‍රධාන ලේකම්(ක්‍රම සම්පාදන) පරාක්‍රම පියසේන,කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අතිරේක පළාත් අධ්‍යක්ෂ ධනංජනී බණ්ඩාර, ඉපැරණිගම ප්‍රධාන විධායක නිළධාරි විජයානි රත්නසේකර, සහකාර පළාත් පාලන කොමසාරිස් එල්.එම්.පී.ඩබ්.බණ්ඩාර, ආණ්ඩුකාර පෞද්ගලික ලේකම් මංජුලා ඉදිගහවෙල යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.
රඹුක්කන රාජපක්ෂ