ටිකට් කපලත් අවුරුදු තුනක් ඉස්පිරිතාලේ, නෑයන්ට අමතක වෙලා

බළන්ගොඩ එන් එස් ප්‍රියනන්දන

රෝගාතුරව දැනට වසර තුනකට පෙර බළන්ගොඩ මුලික රෝහලට ඇතුළත් කළ කාන්තාවක සුවය ලබා එහෙත් රෝහලෙන් පිටව නොයා වසර තුනක කාලයක් රෝහලේම රැඳී සිටියි.

බළන්ගොඩ පොලිස් බල ප්‍රදේශයට අයත් හපුගහකුඔුර ප්‍රදේශයේ පදිංචි ජි.ඒ. යසවතී නැමැති (60) හැවිරිදි මාතාව රෝගාතුර වීම හේතුවෙන් දැනට වසර තුනකට පෙර බළන්ගොඩ මුලික රෝහලේ පළමු වාටිටුවට ඇතුළත් කර අැතැයි රෝහල් කාර්ය මණ්ඩලය පවසයි. රෝහල් ගත කර දින කිහිපයකින් අැය සුවය ලබා ඇති නමුත් වසර තුනක කාලයක් ගත වුවද ඇයව නිවසට රැගෙන යෑම සඳහා
මෙතෙක් ඥාතින් ක⁣ටයුතු කර නොමැති බව රෝහල් කාර්ය මණ්ඩලය කියයි.

ඇයගේ ඥාතින් වෙත මේ සමිබන්ධයෙන් අවස්ථා කිහිපයකදී ලිඛිතව දැනුමි දී ඇති නමුත් ඔවුන් කිසිවෙක් ඇය රැගෙන යෑම සඳහා මෙතෙක් ඉදිරිපත්ව නැතැයි රෝහල් පොලීසිය කියයි. ඇය වෙනුවෙන් බළන්ගොඩ මුලික රෝහලේ පළමු වාටිටුවෙහි ඇඳක් දැනට වසර තුනක කාලයක සිට වෙන් කර අැති අතර ආහාර පානද රෝහලෙන් ලබා දෙයි. මේ සමිබන්ධයෙන් කරුණු දක්වන බළන්ගොඩ රෝහල් පොලීසිය ඇයව නිවසට රැගෙන යන මෙන් ඥාතීන්ගෙන් ඉල්ලා සිටියි.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *