ජ.වි.පෙට මුක්කු ගහන්නෙ නෑ. අපි සජිත්ට – හකීම් කියයි

 ජ.වි.පෙට මුක්කු  ගහන්නෙ නෑ. අපි සජිත්ට – හකීම් කියයි

එළඹෙන මහමැතිවරණය ඉලක්ක කර ගනිමින් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ජනතා විමුක්ති පෙරමුණ හෝ දෙමළ ජාතික සන්ධානය සමඟ සන්ධාන ගත නොවන බවත් දේශපාලනික වශයෙන් දරන මත එකිනෙකට වෙනස් නිසා මෙම පක්ෂ වලට මැතිවරණයකට තරඟ කිරීම පිණිස එකතු වීමේ හැකියාවක් නොමැති බවත් මුස්ලිම් කොංග්‍රස් නායක රවුෆ් හකීම් මහතා පවසයි.
සුළු පක්ෂ හා සුළු ජනතාව නියෝජනය කරන පක්ෂ එකට එකතුවී සන්ධානයක් ලෙස කටයුතු කරන බවට තමන් මුස්ලිම් කොංග්‍රස් 29 වන සමුළුවේදී කළ කතාව තුළින් වැරදි මතයක් සමාජ ගතව තිබෙන බවද ඒ මහතා කීය.
අදාළ ප්‍රකාශය නිවැරදි කිරීම පිණිස මහනුවර අර්ලිස් රිජින්සි හෝටලයේදී ඊයේ (24) පැවැති මාධ්‍යය හමුවකදී හකීම් මහතා මේ බව ප්‍රකාශ කළේය.
ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගැනීම පිණිස සුළු පක්ෂ හා සුළු ජනතාව නියෝජනය කරන පක්ෂ එකට එකතුවී කටයුතු කිරීමේ අවශ්‍යතාවක් තිබෙන බවත් ඒ සඳහා එම පක්ෂ සමඟ සාකච්ඡා කරන බවත් මුස්ලිම් කොංග්‍රස් නායකයා පැවසුවේය.
මැතිවරණයට පෙර සුළු හා සුළු ජනතාව නියෝජනය කරන පක්ෂ එකට එකතුවී සන්ධානයක් ගොඩනගන බවට තම කතාවෙන් මතයක් සමාජ ගතවීම නිසා විශාල අර්බුදයක් පැන නැගුණු බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුරකුමාර දිසානායක මහතා මේ සම්බන්ධයෙන් තමන්ට කතා කළ අවස්ථාවේ අදාළ ප්‍රකාශය නිවැරදි කිරීමට තමන් කටයුතු කරන බව දැනුම් දුන් බවත් හෙතෙම පැවසුවේය.
ඉදිරි මහ මැතිවරණය මුස්ලිම් කොංග්‍රසය එජාපය සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වය යටතේ ගොඩනගන සන්ධානය සමඟ එක්ව තරඟ කරන බවත් තමන් මහනුවර දිස්ත්‍රික්කය සඳහා ඉදිරිපත් වන බවත් ඒ මහතා කීය.

Lasantha de Silva

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *