ජී.එස්.පී ප්ලස් වෙනුවෙන් නැමෙන්නෙ නෑ – මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර

යුරෝපා සංවිධානය ජී.එස්.පී ප්ලස් සහනය මැදි හා අඩු ආදායම් රටවල් වලට ලබාදීම ඔස්සේ උත්සහ කරන්නේ එම රටවල් ඔවුන්ට අවශ්‍යය ලෙස මෙහෙයවීමට බවත් වත්මන් රජය කිසිවිටෙකත් ඔවුන්ගේ අතකොළුවක් වීමේ සූදානමක් නොමැති බවත් මහනුවර දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති,පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ වසන්ත යාපා බණ්ඩාර මහතා පවසයි.

මේවන විට යුරෝපා සංවිධානය ජී.එස්.පී ප්ලස් සහනය පාවිච්චි කරනු ලබන්නේ ඇතැම් රටවල් මට්ටු කිරීමේ උපකරණයක් ලෙස බවත් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අකුලා ගන්නා ලෙස ඔවුන් රජයට බලකරන්නේ කුමන පදනමක් යටතේද යන්න ප්‍රශ්නයක් බවත් ඒ මහතා කීය.

මහනුවරදී  (13) මාධ්‍ය හමුවක් කැඳවමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේය.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසුවේය.මේවන විට ජී.එස්.පී ප්ලස් සහනය නතර කිරීම සඳහා වන  සාකච්ඡාවක් යුරෝපා පාර්ලිහෙමේන්තුවට පැමිණ තිබෙනවා.එය සාමාන්‍යය කාරනයක් ලෙස මම දකිනවා.මේ සහනය යුරෝප සංවිධානය මගින් ලබා දෙන්නේ අවුරුදු තුනක කාලයක් සඳහායි.සුනාමි ව්‍යසනයෙන් පසු 2005 දී අපට මේ සහනය ලැබුණා.ශ්‍රී ලංකාවේ යුද්ධය ක්‍රියාත්මක වූ සමයේ මානව හිමිකිම් කඩවීම් සිදුවූ බවට චෝදනා එල්ල කරමින්  2010 දී මෙම සහනය අපට ලබාදීම එම සංගමය මගින් නතර කළා.නැවත 2017 දී ඒක ලබා දුන්නා.

ජී.එස්.පී ප්ලස් සහනය ලබාදීම මගින් යුරෝපා සංවිධානය සිදු කරන්නේ සම්මුති 27 කට ඒ රටවල් එකඟ කර ගැනීමට බල කිරීමයි.මේ සම්මුති 27 ට එකඟ වෙනවා නම් පමණයි ඔවුන් මේ සහනය ලබා දෙන්නේ.සහනය ලබාදෙන වසර තුනක කාලයේදී යුරෝපා සංවිධානයට අයත් රටවල් වලට අපේ රටේ ඇඟළුම් වගේ සංවේදී භාණ්ඩ අපනයනය කරන්නඅපට තීරබදු සහනයක් අපිට ලබා දෙනවා.මම දකිනවා මේක එක්තර විදිහකට විදේශීය රටවල් මට්ටු කිරීමට පාවිච්චි කළ උපකරණයක් විදිහට.අපේ රටේ අපනයන කරුවන්ට ලෝක වෙළෙඳ පොළේ තීරුබදු රහිතව භාණ්ඩ අළෙවි කිරීමට හැකියාව ලැබෙනවා නම් ජත්‍යන්තර වෙළෙඳ පොළ තුළ අපේ රටේ ඇඟළුම් අඩු මිලට අළෙවි කිරීමේ අවකාශය හිමිවන බව සත්‍යයක්.ලෝකයේ සෙසු රටවල් එක්ක තරඟ කිරීමේදී අඩු මිල  තරඟය වෙළෙඳ පොළ ජයග්‍රහණය සඳහා අපට අත්වැලක් වෙනවා.නමුත් ඔවුන් තීරුබදු නිදහසක් ලබාදෙන අතර අපට බලකරනවා ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කළොත් පමණක් ජි.එස්.පී ප්ලස් සහනය ලබා දෙන්නේ කියලා.රටක මහජනතාවගේ ඡන්දයෙන් බලයට පත්වූ රජයකට ජනතා සම්මුතියකින් ගෙනා පනතක් අහෝසි කරන්න කියායුරෝපා සංගමය වගේ භාහිර බලවේගයකට බලපෑම් කරන්න මොකක්ද තිබෙන අයිතිය.අපේ රටේ පාර්ලිමේන්තුව හරහා සම්මත කළ පනත් නතර කරන්න ඔවුන්ට තිබෙන බලය කුමක්ද?.ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත නතර කළ යුතු බවට බලපෑම් කිරීම ස්වෛරී රජයකට දණ්ඩනයක් නෙවෙයිද කියලා මම අහන්න කැමතියි.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *