ජාතික වෙසක් උත්සවය නාගදීපයේදී
කොවිඩ් ව්‍යසනය මධ්‍යයේ වුව මෙවර ජාතික වෙසක් උත්සවය යාපනය නාගදීපයේදී පැවැත්වෙන බව වාර්තා වේ. අඩු පිරිසකගේ සහභාගිත්වයෙන් එළඹෙන මැයි මස 23 වෙනිදා සිට 28 වෙනිදා දක්වා එය පැවැත්වීමට සැළසුම් කර තිබේ.
ඊට අදාලව පහසුකම් සළසන අන්දම පිළිබඳ සොයා බැලීම සඳහා උතුරු පළාතේ ආණ්ඩුකාර පී.එම්.එස් චාර්ල්ස් මහත්මිය ඉකුත් 02 වෙනිදා එහි ගොස් තිබේ. ආණ්ඩුකාරවරිය, නාගදීප රාජ මහා විහාරාධිපති නවදගල පදුමකිත්ති හිමියන් සමග ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබේ.