ජාතික ලැයිස්තුව හරිනිට හරි යයි
ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා ආචාර්ය හරිනි අමරසූරිය පත් කිරීම සඳහා වන නිල තීන්දුව ගෙන ඇති බව ejournalist වෙත වාර්තා වේ.
පසුගියදා පැවති ජාතික ජන බලවේගයේ ක්‍රියාකාරී කමිටු රැස්වීමේදී ආචාර්ය හරිනි අමරසූරිය ජාතික ලැයිස්තු අසුන සඳහා පාර්ලිමේන්තුවට පත් කිරීම ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු සියලු පක්ෂවල එකඟතාවය ඇතිව අනුමත වුවද, විවෘත විශ්ව විද්‍යාලයේ සේවය කරන ඇය ඉන් නිවාඩු ලබා ගැනීමේ ගැටලුව මතු ව තිබුණි.
යම් හෙයකින් ආචාර්ය හරිනි අමරසූරිය හට නිවාඩු ලබා ගැනීමට නොහැකි වී නම් බිමල් රත්නායකට එම අවස්ථාව හිමි වීමේ සම්භාවිතාවක් පැවතියද, මේ වනවිට ඇගේ නිවාඩු අර්බුද විසඳී ඇති බව වාර්තා වේ.