ජල ව්‍යාපෘතිය ගැන හොයන්න ගිය තෙවරප්පෙරුමට පහර දෙයි.
එක්සත් ජාතික පක්ෂයෙන් මහ මැතිවරණයට තරඟ වදින කළුතර දිස්ත්‍රික් අපේක්ෂක පාලිත තෙවරප්පෙරුම බහින් බස් වීමක් දුර දිග යාම නිසා ඇති වූ ගැටුමකින් තුවාල ලබා රෝහල් ගත කර තිබේ. මතුගම – අලුත්ගම පානීය ජල යෝජනා ක්‍රමයට අදාලව, මතුගම වැල්කන්දල ප්‍රදේශයේ ජල නල එලීමේ කටයුතුවල නිරතව සිටි සේවකයින් පිරිසක් හා හිටපු නියෝජ්‍ය අමාත්‍ය හා කලුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මංත්‍රී ධූර අපේක්ෂක පාලිත තෙවරප්පෙරුම මහතා අතර මෙම ගැටුම ඇතිව තිබේ. මේ වන විට අපේක්ෂක තෙවරප්පෙරුම කලුතර නාගොඩ රෝහලට ඇතුලත් කර තිබේ.

තමන්ට පහර දීමට අදාල හේතු පවසන හිටපු නියෝජ්‍ය ඇමතිවරයා සඳහන් කරන්නේ, මෙම ජල ව්‍යාපෘතියේ ප්‍රමිතියේ ගැටළු ඇති බවත් ඒ පිළිබදව පරීක්ෂා කිරීමට එම ස්ථානයට ගිය අවස්ථාවේ ව්‍යාපෘතියේ කොන්ත්‍රාත්කරු විසින් පිරිසක් යොදවා පහර දුන් බවත් ය.
සිද්ධිය සම්බන්ධව මතුගම මූලස්ථාන පොලිසියට පැමිණිලි ලැබී ඇති අතර පොලීසිය පවසන්නේ දෙපිරිසම එකිනෙකාට පහර දී ඇති බැවින් ඒ පිළිබඳව පරීක්ෂණයක් පවත්වන බවයි.
තුවාල ලැබූ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම ගේ එක් පාදයකට ශල්‍යකර්මයක් සිදු කිරීමට නියමිත බවද වාර්තා වේ.