ජයම්පති ඉල්ලා අස්වෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න සිය ධූරයෙන් ඉල්ලා අස් වීමේ ලිපිය කතානායකවරයා වෙත භාර දී ඇති බව නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි පවසයි. 2015 දී එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණි ආචාර්ය ජයම්පති වික්‍රමරත්න වාමාංශික දේශපාලනඥයෙකු ලෙස ප්‍රකටය.
පැවති මහින්ද රාජපක්ෂ රජය පරාජය කිරීම සඳහා ගොඩනැගුණු සන්ධානය හා සහයෝගයෙන් කටයුතු කිරීම මත එක්සත් ජාතික පක්ෂය ඔහු වෙත ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් පිරි නැමූ අතර ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යංශයේ උපදේශකයෙකු ලෙසද කටයුතු කළ ජයම්පති වික්‍රමරත්න ජනාධිපති නීතීඥයෙකි.
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමේ කාර්යයෙහි ප්‍රමුඛත්වය ගෙන කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්න ඒ සඳහා මහජන අදහස් විමසීමේ වැඩපිළිවෙලක් දියත් කිරීමටද සමත් විය. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි මානව අයිතිවාසිකම් ක්ෂේත්‍රය හා නීතියේ ආධිපත්‍ය හා සමානත්වය පුළුල්ව විග්‍රහ කිරීමේ අපේක්ෂාව ඔහුට තිබුණි. එහෙත් දේශපාලන විචාරකයින් පවසන්නේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හෝ අගමැති රනිල් වික්‍රමසිංහගේ සහයෝගය ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සඳහා ප්‍රමාණවත් පරිදි නොලැබුණු බවයි.
පසුගිය ජනාධිපතිවරණයේදී තමන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය දරන එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහයෝගය දීමෙන් වැළකී සිටි ලාල් විජේනායක ඇතුළු ඔහුගේ දේශපාලන සගයින් අනුර කුමාර දිසානායකට සහය දෙන විට ඒ පිළිබඳව විවේචනාත්මකව දුටු ජයම්පති වික්‍රමරත්න සිටියේ ගෝඨාභය රාජපක්ෂ පැරදවීමට එක්ව කටයුතු කළ යුතුය යන ස්ථාවරයේ ය. නමුත් මැතිවරණය ආසන්නයේ ඔහු විදෙස් ගතව සිටියේය.
ලසන්ත ද සිල්වා