ජන බලවේගයේ අසුනට හරිනි. බැරි නම් බිමල්

 ජන බලවේගයේ අසුනට හරිනි. බැරි නම් බිමල්

2020 පාර්ලිමේන්තු මැතිවරණයේදී ජාතික ජන බලවේගය දිනාගත් ජාතික ලැයිස්තු අසුනට ආචාර්ය හරිනි අමරසූරිය නම් කිරීමේ එකඟතාවට අද (10) රැස් වූ එහි ක්‍රියාකාරී කමිටුව එළඹ තිබේ. ආචාර්ය හරිනි අමරසූරිය ජාතික ජන බලවේගයේ නම් කරන ලද ජාතික ලැයිස්තුව නියෝජනය කළ අතර අද පැවති ක්‍රියාකාරී හමුවේදී ජනතා විමුක්ති පෙරමුණ පාර්ශවයෙන්ද ඒ සඳහා එකඟතාව පල වී තිබේ.

කෙසේවෙතත්, ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ ආචාර්යවරියක ලෙස සේවය කරන ආචාර්ය හරිනි අමරසූරිය වෙත පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයේ කටයුතු කිරීම සඳහා සප්ත වාර්ෂික නිවාඩු ලබා දිය නොහැකි බව විශ්ව විද්‍යාලයෙන් දන්වා ඇති නිසා කිසියම් අර්බුදයක් උද්ගතව ඇති බවද වාර්තා වේ.

යම් හෙයකින් ඇයට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයේ කටයුතු කිරීම සඳහා නිවාඩු ලබා ගැනීමට නොහැකි තත්ත්වයක් මතු වුවහොත් ඒ වෙනුවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන බිමල් රත්නායක පත් කිරීම සඳහා එකඟ වූ බවද අප වෙත වාර්තා වේ.

අද පැවති රැස්වීමේදී පවතින ගෝලීය සන්දර්භය තුළ වාමවාදී කඳවුර පොදුවේ මුහුණ දෙන තත්ත්වයද සාකච්ඡාවට භාජනය ව ඇති අතර ඉදිරි ප්‍රතිසංවිධාන කාර්යයන් ගැනද අවධානය යොමු කර තිබේ.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *