ජනවාරි සිට මීටර් නැති ත්‍රීවීල් දුවන්න බෑ – දිලුම් කියයි
එළඹෙන ජනවාරි මාසයේ සිට ත්‍රිරෝද රථ සඳහා මුදල් අය කිරීම් ප්‍රදර්ශනය කෙරෙන මීටර් අනිවාර්ය කිරීමට ගැසට් පත්‍රය අත්සන් තබා ඇතැයි ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම මහතා පවසයි.
බස්නාහිර පළාතට අනිවාර්ය කරමින් ජනවාරි 01 දින ගෙන එන මෙම නීතිය මාස තුනක් ඇතුළත දීපව්‍යාප්ත කරන බවත් ඉන් පසු මීටර් නොමැතිව කුලී ගමන් යන ත්‍රිරෝද රථ අත්අඩංගුවට ගන්නා බවත් ඒ මහතා කීය. ඒ සඳහා නීති සකස් කරන බවද ඒ මහතා කීය.
මහනුවර දුම්රිය ස්ථානය කේන්ද්‍ර කර ගනිමින් පාක් ඇන්ඩ් රයිඩ් බස් සේවාව ආරම්භ කිරීම නිමිතතෙන් පෙරේදා (20) පැවැති උත්සවයෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමුණුගම මහතා මේ බව ප්‍රකාශ කළේය.
කුලී ත්‍රිරෝද සියල්ල මීටර් ටැක්සි බවට පත් කිරීම අනිවාර්ය කෙරෙන ගැසට් පත්‍රය අත්සන් තබා ඇතත් තවමත් නිකුත් නොකරනු ලැබුවේ අදාළ වැඩපිළිවෙළ සම්බන්ධව ත්‍රිරෝද රථ සංගම් නියෝජිතයින් දැනුවත් කරන තෙක් බවද හෙතෙම අවධාරණය කළේය.
ගමන් ගාස්තුව ප්‍රදර්ශනය කෙරෙන මීටර් නොමැති නිසා අද ඇතැම් ත්‍රිරෝද රථ රියදුරන් මහජනතාව ගෙන් අසාධාරණ ලෙස මුදල් අය කරන අවස්ථා පිළිබඳ නිතර පැමිණිලි ලැබෙන බවත් දෙපාර්ශවය ගැනම සිතා අදාළ තීරණය ගත් බවත් කී ඒ මහතා මේ ඔස්සේ වඩා විශාවාසදායි මෙන්ම ගුණාත්මක සේවාවක් ජනතාවට ලබාදීම අරමුණ බවද අවධාරණය කළේය.