ජනයා නොසැළකිලිමත්, මීගමුවේ ආසාදන ඉහළට
මේ වනවිට මීගමුව නගර සීමාව තුළ පමණක් කොවිඩ් 19 ආසාදිතයන් 179 දෙනෙකු වාර්තා වන බව සෞඛ්‍ය බලධාරීහු පවසති. මීගමුව ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක එච්. ඒ. යූ. කේ ගුණරත්න මහතා පවසන අන්දමට ජනතාව සෞඛ්‍ය නිර්දේශ කෙරෙහි නොසැළකිලිමත්ව ක්‍රියා කරන නිසා ආසාදිතයන් ඉහළ යෑමේ අවධානමක් උද්ගතව ඇත.
ජනතාව අතර රෝගය ව්‍යාප්ත වී ඇතිදැයි දැනගැනීම සඳහා අද (15) අහඹු ලෙස සිදුකරන ලද පී.සී.ආර් පරීක්ෂණයකදී ආසාදිතයන් 11 දෙනෙකු හඳුනාගත් බව ඒ මහතා පවසයි. මෙම පරීක්ෂණවල ප්‍රතිඵල අනුව මීගමුව ඒත්තුකාල බොස්කෝ මහල් නිවාස සංකීර්ණයෙන් ආසාදිතයන් සිව් දෙනෙකුද, කාම්ච්චෝඩ ප්‍රදේශයේ හත්දෙනෙකුද ආසාදිතයන් බව හඳුනාගෙන ඇත.