ජනපතිටත් සිනහ ගෙනා වලේබොඩ රා කතාවල දුක
රාස්සගල සමිපත් ප්‍රියනන්දන සහ ඉඔුල්පේ නාලක ජේ හෙට්ටිආරච්චි

ඈත අතීතයේ සිටම බලන්ගොඩ වලේබොඩ ප්‍රදේශයේ රාවණකන්ද, වතුකාරකන්ද, උඩකන්ද, තෝරවෙලකන්ද යන ගමිමානවල ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකයට කිතුල් කර්මාන්තයෙන් ලබා දෙන දායකත්වය සුළුපටු නොවේ. ශ්‍රී පාද රක්ෂිතයට මායිම්ව පිහිටා ඇති මේ ප්‍රදේශවල ජනතාවගේ ආර්ථිකයට ශක්තියක් වුයේ කිතුල් ගස හා ඒ ආශ්‍රිත කර්මාන්තවලින් යැයි කිවහොත් එහි වරදක් නොමැත. අතීතයේදී වලේබොඩ ගම්බද ජනතාවගේ ආර්ථිකය ඉහළ නැංවූ ප්‍රධානතම ජීවනෝපායයන් අතර කිතුල් කර්මාන්තයට හිමිවෙන්නේ සුවිශේෂී ස්ථානයකි. ප්‍රදේශයේ ජල සීරාව ඇති දියකඳුරු ආශ්‍රිතව මෙන්ම ගම්බද ප්‍රදේශයේ ඇති කුඩා කැලැ රොදවල් තුළද ගෙවතු, රක්ෂිත ප්‍රදේශවලද කිසිදු මිනිස් ක්‍රියාකාරකමකින් තොරව හට ගනු ලබන ශාකයක් ලෙස කිතුල් ගස හැඳින්විය හැකිය. වලේබොඩ ප්‍රදේශයේ කිතුල් පැණිවලට හා කිතුල් හකුරු වලටද අතීතයේ මෙන්ම අද වන විටත් ඇත්තේ ඉහළ ඉල්ලුමකි. ඒ වගේම කිතුල් රාවලට සහ කිතුල් පිටිවලටද එම ඉල්ලුම එලෙසම තිබේ.
පරමිපරා හතරක පහක පමණ සිට බලන්ගොඩ වලේබොඩ ප්‍රදේශයේ සිය ගණනක පිරිසකගේ ප්‍රධානතම ආදායම් මාර්ගයක් බවට කිතුල් කර්මාන්තය පත්ව තිබුණද එම කර්මාන්තයට අද වන විට විවිධ හේතු නිසා කණකොකා හඬන්නට පටන්ගෙන ඇති බව කිතුල් කර්මාන්තයේ නිරත පිරිස කියති. බලන්ගොඩ, වලේබොඩ, රාවණකන්ද , කොවුල්කැටිය, උඩකන්ද , තෝරවෙලකන්ද , ගල්ලෙනකන්ද, දෙයියන්ගෙවත්ත , මනතුංකන්දේ , පැණිපංගුව යන ගමිමානවල කිතුල් කර්මාන්තය අද වන විට පිරිහීමකට ලක්ව ඇති බව අප කල සංචාරයේදී ගම්මු පැවැසුහ.
කිතුල් කර්මාන්තය සඳහා පවතින නීතිමය බලපෑම හෙවත් නීතිය හරස් වීම, වත්මන් පරපුර වෙනත් රැකියාවල නිරත වීම, කිතුල් කර්මාන්තය සඳහා රාජ්‍ය අනුග්‍රහය නොලැබීම, රක්ෂිතවල කිතුල් මල් මැදීමට ඇති නීතිමය බලපෑම්, කිතුල් ගස් නැගීමේ ඇති අවදානම් තත්ත්වය ,ආදේශක කිතුල් පැණි සහ කිතුල් හකුරු වෙළෙඳපොළට පැමිණීම හේතුවෙන් කිතුල් නිෂ්පාදනවලට ඇති ඉල්ලුම අඩු වීම නිසාද මෙම ගමිමානවල දැනට කිතුල් කර්මාන්තයේ නිරතව සිටින්නේ අතළොස්සක් පමණ බව ඔවුහු පවසති.

පවතින තත්ත්වය සම්බන්ධයෙන් අප වෙත අදහස් දැක් වූ නිරිඇල්ලගේ චන්ද්‍රදාස මහතා “මට දැන් වයස අවුරුදු පනස් හයක් වෙනවා. මම අවුරුදු හතළිහක් විතර දැනට කිතුල් මල් මැදීම සිදු කරනවා. අපිට කිතුල් මල් මැදීමේදි මෑතක සිට විශාල නීතිමය බාධාවක් තිබෙනවා. ගෙවත්තේ කිතුල් ගස් විශාල ප්‍රමාණයක් නැහැ. අවට තියන කැලෑවෙ වැවෙන කිතුල් ගස්වල තමයි අපි වැඩි වශයෙන් කිතුල් මල් මැදීම සිදු කරන්නේ. කැලෑවෙ කිතුල් මල් මැදීම කළාට අපි කිසිම ගහ කොළකට, පරිසරයට හානියක් සිදු කරන්නේ නැහැ. ඒත් වනජීවි නිළධාරින්ගෙන් බාධා ඇති වෙනවා. ඒ වගේම ගෙවත්තේ කිතුල් මල් මැදීමේදි පොලීසියේ හා සුරාබදු නිළධාරින්ගෙන් බාධා සිදු වෙනවා. අපිට විසිදහ, තිස් දහ දඩ ගෙවන්න සිදු වෙනවා.
අලුතින්ම කිතුල් මලක් හදන්න විශාල මහන්සියක් ගන්න ඕනි. කිතුල් ගහක් බඳින්න දවසක් යනවා. එහෙම මහන්සිවෙලා කිතුල් ගස බැඳල හදන මල බෙහෙත් තියන්න ඕනි. ඒ සඳහා ගමෙන් ගොඩෙන් සොයා ගන්න කොල්ලන් කොළ, ගමිමිරිස් කොළ, කොච්චි වැනි බෙහෙත් වර්ග කොටල මලේ ගානවා. කිතුල් මල හදල මලේ තෙලිජ්ජ වැක්කෙරෙන්න සතියක් විතර යනවා. කඳුළ දෙක වැටිලා තමයි දිනෙන් දින වැඩි වෙන්නේ. ඒක නිසා මල මැදපු දවසේ ඉදන් සතියක් විතර මලේ එල්ලන බාජනයට මණ්ඩිය දමල තියෙන්න අරිනවා. එතකොට තමයි මලේ කහට ගතිය නැති වෙලා මල තැම්බීමකට ලක් වෙලා හරි තත්ත්වයට පත් වෙන්නේ. අන්න එහෙම සතියක් විතර මණ්ඩියත් එක්ක මලෙන් ගන්න දේ් තමයි ” කිතුල් රා ” කියන්නේ. ඉතින් කොයි කවුරු වුණත් කිතුල් මල් මදින විට ගසේ සතියක් විතර රා හදනවා. ඒක තමයි මේ පොලිසියේ නිලධාරින් වනජීවි නිලධාරින් නැන්නමි සුරාබදු එකේ නිලධාරින් අල්ලගෙන ගිහිං අපිට නඩු දාල දඩ ගහන්නේ. එහෙම මහ ලොකු ප්‍රමාණයක් පළමු සතිය තුළ මලෙන් ගන්න බැහැ. බෝතලයක් හෝ එක හමාරක් විතර තමයි තිබෙන්නේ. අපි රා විකුණන්න හදන්නේ නැහැ. කිතුල් මල හරියනකම් තමයි මණ්ඩිය මලේ එල්ලලා තියන්නේ. ඒක ඒ නිලධාරින්ට කිව්වට පිළිගන්නේ නැහැ. නිලධාරින්ගේ මෙවැනි ක්‍රියාවන් නිසා විශාල පිරිසක් අද වන විට කිතුල් කර්මාන්තය අතහැරල දමලා තිබෙනවා. කිතුල් ගහෙන් ආර්ථික ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා කිතුල් මල් මැදීම සිදු කළ යුතු බව අපි කවුරුත් දන්නවා. කිතුල් මලක් මැදීම සඳහා සුදුසු තත්ත්වයට පත් කර ගැනීම සඳහා එය පදම් කරන්න ඕනි. කිතුල් මල පදම් කිරීමෙන් පසුව මල මේරීම ප්‍රමාද වීම, මල මැදීමට පහසු වන ලෙස මොළොක් බව වැඩිවිම වැනි ලක්ෂණ නිරික්ෂණය කරනවා. එහි විශේෂයෙන්ම කළ යුතු වන්නේ මලට අත් බෙහෙත් තැබීමයි. මෙික හොඳ කර්මාන්තයක්. එක කිතුල් ගසකින් තෙලිජ්ජ බෝතල් තිහ හතළිහ ගන්න පුළුවන් දවස් තියනවා. ඉතින් කිතුල් කර්මාන්තය අභාවයට යා නොදී තවදුරටත් ආරක්ෂා කර ගැනීමට මේ තිබෙන යල් පැන ගිය නීති ඉවත් කරල අපිට බාධාවකින් තොරව එය කරගෙන යැමට අවස්ථාව සලසා දෙන්න කියලා බලධාරින්ගෙන් ඉල්ලා සිටිනවා.

ඒ.කේ. නිහාල් රාජපක්ෂ මහතා ” කිතුල් මැදීම කියන්නේ අතීතයේ ඉඳන්ම මේ ප්‍රදේශයේ පැවැති රස්සාවක්. ඉතින් අපිට අපේ රස්සාව නිදහසේ කරගෙන යන්න විදිහක් නැහැ. නිලධාරින් ඇවිල්ලා අපිට නඩු දානවා. විසිපන්දාහ තිස් පන්දහ දඩ ගහනවා. කිතුල් ගහේ ඉඳන් මීටර් පනහක් දුරට කිතුල් රා ගෙනියන්න බැහැ කියනවා. කිතුල් ගස් එක තැනක නැහැ එක ගහක ඉඳන් තවත් ගහකට විශාල දුරක් තිබෙනවා. එක ගහක මලක් මැදල අනික් ගහ ලඟට යන කොට රා කියලා අල්ලගෙන යනවා.
මගේ කිතුල් මලක් දවසක් වෙන කෙනෙකුට මදින්න කියලා බාර දුන්න. ඒක අලුතින් හදපු කිතුල් මලක්. දවස් දෙකතුනක් මණ්ඩිය එල්ලලා තිබුණ මල තැම්බෙන්න. එයා මල කපල ඒ රා ටික අරන් එන කොට පොලිසිය අල්ලගෙන ගිහින් එයාටයි මටයි දෙන්නටම නඩු දැම්ම. කෙනෙකුට විසි පන්දහස ගණනෙ දෙන්නටම පනස් දහසක් දඩ ගැහැව්වා. අපි බලපත්‍ර අරගෙන කිතුල් මල් මදින්නේ. ඒත් සීනි කරිඤ්ඤං කියලා අපිට දඩ ගහනවා. මේක ලොකු අසාධාරණයක්. කඩේ තියන කඹ මිල දී ගෙන අපි කිතුල් ගස් බඳින්නේ. එක ගහක් බඳින්න රුපියල් හත්සීයක කඹ ගන්න ඕනි. ඒකත් මාස තුනකට සැරයක් බඳින්න ඕන.” එසේම “අපිට කිතුල් මල් මැදීම ගැන රජයෙන් පුහුණු වැඩ සටහන් සපයා තියෙනවා. රුපියල් හැත්තෑ දහසක ආමිපන්න දුන්නා. ඊට අමතරව කිතුල් පැණි සහ කිතුල් හකුරු හදන්න කාමරයක් හදන්න රුපියල් 120,000 ක බැංකු ණයක් දුන්නා. ඒ කාමරයේ වැඩ මෙි දවස්වල කරනවා. එහෙම කරලත් අපිට දඩ ගහන එක වැරයි. ඒ එන නිලධාරින් දන්නේ නැහැ ගහේ බඩු මොනවද හදන බඩු මොනවද කියලා. මලක කිතුල් රා තියෙන්නේ සතියක් විතර. ඊට පස්සේ මණ්ඩිය ටික ඉවත් කරල තෙලිජ්ජ ගන්නවා. කිතුල් කර්මාන්තයේ යෙදිල ඉන්න අපිට තිබෙන ගැටලු ජනාධිපතිතුමා රාවණකන්දට ආපු වෙලාවෙි ඒ නිසයි මම කිවිවෙි.” යැයිද නිහාල් රාජපක්ෂ මහතා පැවසීය.
-
නුවන් සමීර -
දසුන් සංජීව
වලේබොඩ උඩකන්ද ප්‍රදේශයේ පදිංචි නුවන් සමීර මහතා “මම කිතුල් මල් මැදීම කරන්නේ අදාල අංශවලින් බලපත්‍රයක් අරගෙන. ග්‍රාම නිලධාරිවරයා, පොලීසිය, ප්‍රාදේශීය ලේකම්වරයා සහ සුරාබදු ආයතනය හරහා එම බලපත්‍රය ලබා ගෙන තිබෙන්නේ. ඒත් මම කිතුල් මල් මැදල එන කොට කිතුල් රා ටික පොලිසිය අල්ලගෙන ගියා. මට නඩු දාල තිබෙනවා. කීයක් දඩ ගහයිද දන්නේ නැහැ. අපිට බලපත්‍රය ලබාගෙන හෝ නොගෙන මේ කර්මාන්තය කරගෙන යන්න බැරි ගැටලු රැසක් තිබෙනවා. මෙම ගැටලු ඉවත් කරල කිතුල් කර්මාන්තය දියුණු කරන්න කටයුතු කරන්න ඕනි” වලේබොඩ උඩකන්ද ප්‍රදේශයේ පදිංචි දසුන් සංජීව “මමත් දැනට වසර පහක පමණ කාලයක සිට තමයි කිතුල් මල් මැදීම පටන්ගත්තේ. අපේ තාත්තා , සීය කිතුල් කර්මාන්තයේ නිරත වෙලා ඉන්න කාලේ මේ වගේ කරදර බාධා තිබුණේ නැහැ. දැන් කිතුල් කර්මාන්තය එපා වෙන තැනට පත් වෙලා. ඒකට බලධාරින් තමයි වග කියන්න ඕනි. කිතුල් පැණි බෝතලයක් හදන්න තෙලිජ්ජ බෝතල් පහක් විතර යනවා. හකුරු කිලෝවක් හදන්න තෙලිජ්ජ බෝතල් හයක් විතර යනවා. ඉතින් රා හදන එක ලාබයි. පහසුයි. ඒත් ඒකට නීතිය හරස් වෙලා. මෙවැනි නීති නිසා වෙන්නේ කිතුල් කර්මාන්තය ජනතාව අතහැරලම දමන තත්ත්වයට පත් වෙන එකයි. එහෙම උනාම වෙන්නේ ජනතාව විශාල ආර්ථික ගැටලුවකට මුහුණ දෙන එක”
