ඡන්ද අපේක්ෂක රාජ්‍ය සේවකයින්ට වැටුප් ගෙවීම ගැටලුවක්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පිටුපාන්න වෙයිද?
පළාත්පාලන මැතිවරණය පැවැත්වීම අනපේක්ෂිත වාතාවරණයක් තුළ අපේක්ෂකයින් ලෙස නාමයෝජනා භාර දී ඇති රජයේ සේවකයින්ට වැටුප් ගෙවීමේ හැකියාව අර්බුදයකට පත්ව තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.
ඔහු පෙන්වා දෙන අන්දමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 102 ව්‍යවස්ථාවට අනුව රාජ්‍ය සේවයේ දේශපාලන හිමිකම් රහිත අයෙකු මැතිවරණයකට ඉදිරිපත් වන්නේ නම් සේවයෙන් ඉවත් විය යුතු අතර දේශපාලන හිමිකම් සහිත අයෙකු මැතිවරණයට ඉදිරිපත් වීමේදී වැටුප් රහිත නිවාඩු ලබා ගත යුතුය. මින් පෙර ඇති අත්දැකීම් අනුව සානුකම්පිතව සළකා බලා කැබිනට් අනුමැතියකින් වැටුප හෝ කොටසක් ගෙවීමට ඉඩ ඇති නමුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට වඩා චක්‍රලේඛයක් බලවත් වන්නේ කෙසේදැයි ඔහු ප්‍රශ්න කළේය.
පළාත්පාලන සභික ධූර සංඛ්‍යාව අටදහස වියදම් අඩු කිරීම සඳහා හාරදහසකට අඩු කළ යුතු බව පවසමින් මැතිවරණය කැඳවා ඇති මොහොතක සේවයට කැඳවිය නොහැකි අපේක්ෂකත්වය ලද පිරිස් නිවසේ සිටියදී වැටුප් ගෙවීමද බරපතල අපරාධයකි. එම නිසා එකම විසඳුම මැතිවරණය පැවැත්වීම බවද එම ප්‍රකාශකයා පෙන්වා දුන්නේය.