ඡන්දය හෙට අනිද්දා, ඇමරිකාව ආසාදිතයන් කෝටියේ සීමාවේ

ජනාධිපතිවරණයට දින කිහිපයක් පමණක් ඉතිරිව තිබියදී ඇමරිකා එක්සත් ජනපදයෙන් වාර්තාවන කොවිඩ් 19 ආසාදිතයන් ගණන මිලියන 90 සීමාව ඉක්මවමින් තිබේ.

කොවිඩ් 19 හා සම්බන්ධ දුක්ඛදායක සිදුවීම් හා රෝහල්ගත වීම් ඉහළ යද්දී ප්‍රවේශම්වන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටීමට බලධාරීන්ට සිදුව තිබේ.

Several US states are trying to contain the spread of COVID-19 after reporting record-setting numbers of new infections and hospitalisations [File: Bing Guan/Reuters]
රෝහල්ගත කිරීම් හා රෝගීන් සම්බන්ධ අගයන් ඉහළ යද්දී ප්‍රාන්ත රැසක බලධාරීන් උත්සාහ ගන්නේ පැතිරීම වළක්වා ගැනීමටයි.
එක්සත් ජනපද ජනපතිවරණ සටනේ ප්‍රචාරක ව්‍යාපෘතිය අවසන් අදියරට එළඹ තිබියදී ප්‍රාන්ත රැසක බලධාරීන් දුෂ්කර උත්සාහයක නිරත වන්නේ පසුගිය සති කිහිපයේදී උත්සන්න වූ කොවිඩ් 19 සීඝ්‍ර පැතිර යාම වළක්වා ගැනීමටයි.

ජෝන් හෝප්කින්ස් විශ්ව විද්‍යාලයේ ගණන් හිලව්වලට අනුව එක්සත් ජනපදයෙන් වාර්තා වන කොවිඩ් ආසාදිතයන් ගණන මිලියන 90 ඉක්මවනු ලැබුවේ, නව කොරෝනා වෛරසය නිසා ජාතියට සිදු වූ ජීවිත අහිමි වීම් 229000ක් ද සමඟ. සී.එන්.එන් වාර්තා කළ අන්දමට ආසාදිතයන්ගේ අගය මිලියන අටක සිට නවය දක්වා වර්ධනය වීමට ගත වූ කාලය දින 14ක් පමණක් වෙද්දී මෙය වසංගතය ආරම්භයේ සිට එක්සත් ජනපදය කොවිඩ් 19 ආසාදිතයන් මිලියනයක් වාර්තා කිරීමට ගත කළ අඩුම කාලයයි.

රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරන අන්දමට පසුගිය බ්‍රහස්පතින්දා අඩුම ගණනේ නව ආසාදිතයන් 91248ක් වාර්තා වීම නිසා දිනක් තුළ වාර්තා වූ වැඩිම ආසාදිතයන් ගණනට අදාල වාර්තාවද අලුත් විය.

ආසාදිතයන් සම්බන්ධ ගණන් හිලව් සහ රෝහල්ගතවීම් සීඝ්‍ර ලෙස ඉහළ යද්දී, දැඩි ලෙස වෛරස ප්‍රහාරයන්ට ගොදුරු වූ ප්‍රාන්තවල රිපබ්ලිකන් මෙන්ම ඩිමොක්‍රටික් පක්ෂයේ බලධාරීන්ට සිදු වූයේ නව ආසාදන වළක්වා ගැනීම සඳහා පරීක්ෂාකාරීව ක්‍රියාකරන ලෙස සහ ඒකරාශී වීමෙන් වළකින ලෙස මහජනයාගෙන් ඉල්ලා සිටීමටයි.

“යූටා පළාත ඉතා බියකරු තත්ත්වයකට මුහුණ දී ඇත” රිපබ්ලිකන් ආණ්ඩුකාර ගැරී හර්බට් මෙම සතියේ ට්වීටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියේය.

“කොවිඩ් 19 ඉතා විනාශකාරී ලෙස පැතිර යද්දී රෝහල් ක්‍රියාකාරීත්වය අඩපණව අවශ්‍ය සියලු දෙනා කෙරෙහි නිසි සැළකිල්ල යොමු කිරීමට ඒවා අපොහොසත් වනු ඇත. අපි මෙය ඉතාලියේ දුටුවා. අපි මෙය නිව්යෝරක්හී දුටුවා. වෙනසක් සිදු නොවුණහොත් අපිට එය යූටා හී දකින්නට ලැබෙනු ඇත” යනුවෙන් ඔහු සිය ට්විටර් පණිවුඩයේ ලියා තිබුණි.

ආසාදියන් සම්බන්ධ නව අගයන් වාර්තා වන ප්‍රාන්ත අතරින් යූටා එකක්. රෝහල්ගතවීම් වැඩිවීමත් සමඟ බොහෝ ප්‍රාන්ත රජයන් සුව සේවා සම්බන්ධව නිර්මාණය වෙමින් පවතින ඉහළ ඉල්ලුම සපුරාලීම සම්බන්ධ සිය ධාරිතාවය ගැන විශේෂයෙන් කල්පනා කිරීමට පටන් ගෙන තිබේ.

රෝහල් ගත කරන ලද COVID-19 රෝගීන්ගේ සංඛ්‍යාව ඔක්තෝම්බර් මාසයේදී සියයට 50 කට වඩා වැඩි වී 46,000 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එය අගෝස්තු මැද භාගයේ සිට වාර්තා වූ ඉහළම අගය බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

ඩිමොක්‍රටික් පාක්ෂිකයෙකු හා විස්කොන්සින් ප්‍රාන්ත ආණ්ඩුකාරයා වන ටෝනි එවර්ස් වෛරස ව්‍යප්තිය වළක්වා ගැනීම සඳහා නිවෙස්වලටම වී සිටින්නැයි ජනතාවට ආයාචනා කළේය. ඔහු බ්‍රහස්පතින්දා ප්‍රකාශ කළේ ගෝත්‍රික ජන කොට්ඨාශ 07ක් සහ කෝරළ 56ක් ඉලක්ක කර ගනිමින් කොවිඩ් 19 පරීක්ෂණ මධ්‍යස්ථාන 71ක් අලුතෙන් පිහිටුවීමට ප්‍රාන්ත රජය ක්‍රියා කළ බවයි.

“මං දකිනවා ධවල මන්දිරය ප්‍රශ්නය අත්හැරලා දාලා. ඔවුන් බලන්නේ පාරෙ තියෙන දේවල් ගැන පමණයි. පාරට බැසීම ‍බොහෝ දෙනෙකුගේ ජීවිත අහිමි කරයි. අපි නම් මෙහේ එහෙම වෙන්න දෙන්නේ නැහැ” ඔහු පවසයි.

 

දුක්ඛදායක බිඳවැටීම”

 නොවැම්බර් 03 ජනපතිවරණයට දින 03ක් පමණක් ඉතිරිව තිබියදී, කොවිඩ් 19 ආසාදන සම්බන්ධ දරදඬු අගයයන් වසංගතය නැවත බිහිසුණු තත්ත්වයකට තල්ලු කරනු ඇත. මේ මස මුලදී කොවිඩ් 19 ආසාදිතයෙකු බව හඳුනාගෙන රෝහල්ගත කෙරුණු එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වසංගතය   ආරම්භයේ සිට දිගින් දිගටම වයිරසයේ   බිහිසුණු  බව අවතක්සේරු කරමින් සිටි අතර ඔහු තවමත් එය සිදු කරයි.

වෝලටර් රීඩ් වෛද්‍ය මධ්‍යස්ථානයෙන් නික්මීමෙන් අනතුරුව පැවති ඔහුගේ එක් ප්‍රචාරක වැඩසටහනකදී ට්‍රම්ප් පැවසුවේ තමන්ට මාරාන්තික රෝගයට එරෙහිව ප්‍රතිශක්තිය තිබූ බවයි. ආරම්භයේ සිට ඔහු පවසමින් සිටියේ රට වසංගතය ආපස්සට හරවනු ඇතැයි තමන් විශ්වාස කරන බව සහ කොවිඩ් 19 ආසාදන ගණන අඩුවෙමින් පවතින්නේය යන බොරුවයි.

කිහිපදෙනෙකු පමණක් මුව වැසුම් සහිතව ඔහුගේ ආධාරකාර සෙනඟ කිටිකිටියේ තදබදව සිටින ගරුගාම්භීර රැස්වීම් පැවැත්වීම නිසා වයිරසය ව්‍යාප්ත වීමට පසුබිම නිර්මාණය කරන්නේය යන චෝදනාවද රිපබ්ලිකන් ජනාධිපතිවරයාට එල්ල වී තිබේ. ට්‍රම්ප්ගේ ඩිමොක්‍රටික් ප්‍රතිවාදියා ජෝ බයිඩන් වයිරසය පැතිරීම වළක්වා ගැනීමට අදාල අවවාදාත්මක කාරණා සිය ප්‍රචාරක උපක්‍රම ලෙස බහුලව භාවිතා කරන අතර තමන්ගේ ආධාරකරුවන්ට මෝටර් රථයේ සිට සවන් දිය හැකි ඩ්‍රයිව්-ඉන් රැස්වීම් නිතර පවත්වයි.

සිය ප්‍රචාරක රැස්වීම්වලදී දිගින්දිගටම ට්‍රම්ප් විවේචනය කරන බයිඩන් ඔහුට ඇඟිල්ල දිගු කරමින් චෝදනා කරන්නේ වයිරසයේ බිහිසුණු බව දැන දැනත් ජනතාව ගලවා ගැනීමට ප්‍රමාණවත් පියවර නොගත් බව පවසමින්.

එක්සත් ජනපදය කොවිඩ් 19 වසංගතය ආපස්සට හරවනු ඇතැයි ට්‍රම්ප් සිය ප්‍රචාරක රැළිවලදී පැවසුවේය.

සිකුරාදා වාර්තාවක් නිකුත් කරමින් එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ඩිමොක්‍රටික් අනුකමිටුවක් පැවසුවේ, ට්‍රම්ප් පරිපාලනය වසංගතය හැසිර වූ ආකාරය ඛේදජනක බිඳවැටීමක් බවයි. ඩිමොක්‍රටික් පාක්ෂිකයන් ප්‍රධානත්වය උසුලන අනුකමිටුව පැවසුවේ, ජාතික උපායමාර්ගයක් හඳුන්වා දීමට ඇමරිකානු ආණ්ඩුව අපොහොසත් වූ බවයි. එසේම ආර්ථික අරගලයක නිරත ඇමරිකානුවන්ට සහයෝගය දීමට ආණ්ඩුව අපොහොසත් වූ බවද, විවේචනයට භාජනය වී ඇති විරැකියා රක්ෂණය දීර්ඝ කර නැති බවත් අනු කමිටුව පවසා ඇත.

මහජන සෞඛ්‍ය තීරණ සඳහා දේශපාලන බලපෑම් එල්ල කළ බවටද ට්‍රම්ප් පරිපාලනයට අනුකමිටුව චෝදනා කරයි. “දිගුකලක් පැහැදිලිව දුටු දේ මෙම අනුකමිටු වාර්තාව නිසි පරිදි ලේඛනගත කරයි. කොරෝනා වයිරස අර්බුදය සම්බන්ධව ට්‍රම්ප් පරිපාලනයේ ප්‍රතිචාරය ඛේදජනක බිඳවැටීමකි” අනුකමිටුවේ සභාපති ජේම්ස් කල්යිබර්න් ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා සිටී.

“මෙම වසංගතය නිසා අපිට අහිමි වුණු ඇමරිකානුවන් 230000ක් පමණ නැවත කැඳවා ගන්න නොහැකිව තිබියදී වුණත් මේ තත්ත්වය දිගටම තිබුණොත් නිරපරාදේ අහිමි වෙන්නට ඉඩ තියෙන මරණ සහ අහිමිවීම් වළක්වා ගැනීම සඳහා ගත හැකි නිවැරදි පියවර ගැනීමට මඟ පෙන්වන නින්දෙන් ඇහැරවන ඇමතුමක් බවට මෙම වාර්තාව පත්වනු ඇතැයි” තමන් අපේක්ෂා කරන බවද ඔහු පැවසුවේය.

 

ලසන්ත ද සිල්වා

SOURCE : AL JAZEERA


         

		    

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *