“ඡන්දය දීම ජනතාවගේ පරම යුතුකමක්” _ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු
එළඹෙන මැතිවරණයේදී සර්වජන ඡන්ද බලයට ගරු කරමින් තමන් කැමති පක්ෂයක තැමති අපේක්ෂකයා වෙත ඡන්දය ලබා දීම ජනතාවගේ යුතුකම මෙන්ම වගකීමද වන බව ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු පවසයි. “ඡන්දය යනු ප්රජාතන්ත්රවාදයේ පදනම මෙන්ම සියලු අයිතිවාසිකම්වල මූලයද බැවින් ඡන්දය දීමෙන් වැළකී නොසිට ප්රජාතන්ත්රවාදය තහවුරු කිරීමට ක්‍රියා කළ යුතුය” යනුවෙන්ද ඔහු පවසයි.
කවුරුන් කුමක් කීවද රට තුළ ප්රජාතන්ත්රවාදය තහවුරු වීමට පාර්ලිමේන්තුවක් පැවතීම අනිවාර්ය වන බවද බලය එක් තැනක කේන්ද්‍ර ගත වීම සුදුසු නොවන බවද පවසන ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු පෙන්වා දෙන්නේ විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය යන බල ත්‍රිත්වයම රටකට වැදගත් වන අතර අපේක්ෂා කළ යුත්තේ ඒවා අතර සමතුලිත බවක් ක්‍රියාත්මක වීමයි. එහිලා එළඹෙන මැතිවරණයේදී ඡන්දය භාවිතා කොට සහය දීම ජනතාවගේ කාර්යයි.
මෙහිදී, පවත්නා කොවිඩ් 19 වසංගත තත්ත්වය සැළකිල්ලට ගනිමින් ජනතාවට ආරක්ෂාකාරී වාතාවරණයක් තුළ ඡන්දය භාවිතා කිරීම සඳහා පහසුකම් සැලසීම මැතිවරණ කොමිෂන් සභාවේ වගකීම බව පෙන්වා දෙන ආචාර්ය සරවනමුත්තු ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, රටේ අනාගතය ගැන සිතා දූෂණය පිටු දකින, අවංක හා කාර්ය ශූර පුද්ගලයන් වෙත ඡන්දය භාවිතා කරන ලෙසයි.
ලසන්ත ද සිල්වා