ඡන්දයට පෙර ජන දුක නිවන්න – ශිවශක්ති ආනන්දන් රජයෙන් ඉල්ලයි.

 ඡන්දයට පෙර ජන දුක නිවන්න – ශිවශක්ති ආනන්දන් රජයෙන් ඉල්ලයි.

මහමැතිවරණයක් පැවැත්විමට පෙර අඩාල වී ඇති ජන ජීවිතය යථා තත්ත්වයට පත් කළ යුතුව ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවශක්ති ආනන්දන් පවසයි. දෙමළ ජනතා සන්ධානයේ් ලේකම්වරයාද වන ඔහු පවසන්නේ, කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් රජයේ සේවකයාගේ සිට එදිනෙදා කුමක් හෝ උපයාගන්නා පුද්ගලයා දක්වා සියලු දෙනාගේ ජීවිතය බිඳවැටී ඔවුන් බියෙන් පසුවන බවයි. ජනතාව සතුටින් නොමැති කාලයක් මැතිවරණ පැවැත්වීම සුදුසු නොවේ.

කෘෂිකාර්මික, ධීවර හා වෙනත් වෘත්තීන්හී නියැලුණු උතුරු පළාතේ ජනයාගේ ජීවිත බිඳවැටී ඔවුන් වෙනත් අයගෙන් යැපෙන්නන් බවට පත්වී ඇති අතර රටේ සෙසු පළාත්වල ජනයාගේ තත්ත්වයද ඊට සමානය. එවැනි තත්ත්වයක් තුළ අවශ්‍ය වන්නේ මැතිවරණ පැවැත්වීම නොවේ.
එමනිසා රජය කළ යුත්තේ, පළමුව කොරෝනා බිය තුරන් කර ජනයාගේ ජීවනෝපාය යථා තත්ත්වයට පත්කිරීමෙන් අනතුරුව මැතිවරණය පැවැත්වීමයි.
කොරියාව මැතිවරණය පැවැත් වූ නිසා අපද එය පැවැත්විය යුතු බව පවසන පිරිස ⁣එරටේ තාක්ෂණය අපට වඩා බෙහෙවින් දියුණු බව කල්පනා කළ යුතු යැයි පවසන ශිවශක්ති ආනන්දන් හිටපු මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ මේ මොහොතේ සියලු දේශපාලන පක්ෂ එකමතයක සිට ක්‍රියාකළ යුතු බවයි.

Lasantha de Silva

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *