චීනය දිනුම්. ජනයා අරුණළු නරඹති

 චීනය දිනුම්. ජනයා අරුණළු නරඹති
වූහාන් නැගෙනහිර විල්තෙර ධීවර ජැටියක සිට අරුණෝදය නරඹන ජනයා. මේ මාර්තු 18 වෙනිදාය. කොවිඩ් 19 නව ආසාධිතයන් තවදුරටත් හුබෙයි හී වාර්තා නොවන බව දැනගත් පළමු දිනයේ හිමිදිරියේදීය.

පිටස්තර කිහිප දෙනෙකුට වෛරසය වැළඳී ඇතැයි තහවුරු වුවද කොවිඩ් 19 ව්‍යසනයෙන් දැඩි ලෙස බැට කෑ චීනයේ වූහාන් ප්‍රදේශයෙන් පසුගිය සතියේ නව ආසාධිතයින් වාර්තා නොවූ බව එරට ජාතික සෞඛ්‍ය කොමිසම පවසනවා.

බ්‍රහස්පතින්දා මැදියම් රැය වනවිට සමස්ත ආසාධිතයන් සංඛ්‍යාව 80967ක් දක්වා ඉහළ නංවමින් චීන ප්‍රධාන බිමෙන් නව ආසාධිතයන් 39ක් වාර්තා වුණා. (මැකාවෝ හා හොංකොං චීනයට අයත්ය. තායිවානයද චීනයට අයත් නිසා ඔවුන් මෙසේ සිය පාලන ප්‍රදේශය main land සහ වෙනත් යැයි හඳුන්වති. තායිවානය එය පිළිගැනීමට සූදානම් නොවූවද ඔවුන්ට ඔලිම්පික් හා වෙනත් තරඟවල නියෝජනය කිරීමට සිදුව ඇත්තේ චීන තායිපේ නමිනි.)

පසුගිය පැය විසිහතර පුරා වූහාන් පිටත කලාපයෙන් වාර්තා වූ ආසාධිතයන් ෂැංහයි, ගුඅන්ඩොංග්, බීජිං, ට්යැන්ජින්, ෂිචුආන් වැනි ප්‍රදේශවලින් වාර්තා වෙනවා. සමස්ත මරණ ගණන 3248ක් බවට පත්වෙමින්, බ්‍රහස්පතින්දා මැදියම් රැය වනවිට නව මරණ වාර්තා වූයේ 03ක් පමණයි. ඉන් මරණ දෙකක් හුබෙයි පළාතෙන් සහ වයඹ දිග චීනයේ ලියොනින් පළාතෙන් අසන්නට ලැබුණා. ඊයේ දිනය වනවිට කොරෝනා වැළඳී ඇතැයි සැකකරන 31 දෙනෙකු සොයා ගනිද්දී පූර්ණ වශයෙන් සුවය ලද 730 දෙනෙකු රෝහල්වලින් මුදා හැරියා. පසුගිය පැය විසිහතර තුළ බරපතල රෝගීන් වාර්තා වී ඇත්තේ 178ක් පමණයි. පසුගිය පැය විසිහතර තුළ වෛද්‍ය සුපරීක්ෂණයට මත සිටි 1197 දෙනෙකුද මුදා හැරුණා. එහෙත් තවමත් 8998 ක පිරිසක් වෛද්‍ය සුපරීක්ෂණයට යටත්.

හොංකොං, මැකාවු හා තායිවානයෙන් තහවුරු වූ ආසාධිතයන් 333ක් වාර්තා වෙද්දී හොංකොං හී මරණ 04ක්ද, තායිවානයේ මරණ 01ක්ද වාර්තා වෙනවා. ගෙවුණු බ්‍රහස්පතින්දා වනවිට හූබෙයි පළාතෙන් ආසාධිතයන් 67800ක් වාර්තා වී තිබියදී ඉන් සියයට 75ක් එහි අගනුවර වූහාන් නගරයෙන් අසන්නට ලැබුණා. මේ පළාතේ මියගිය මුලු ගණන 3132ක්. බරපතල තත්ත්වයේ පසුවන 2098ක් තවම ප්‍රතිකාර ලබද්දී  ඊයේ දිනයේත් 703දෙනෙකු සුවය ලබා නිවාසවලට ගියා.

ලසන්ත ද සිල්වා

Lasantha de Silva

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *