ගෝන අං තට්ටු පෙන්නූ සංචාරක නිකේතනය වටලයි

නුවරඑළිය ප්‍රදේශයේ සංචාරක නිකේතනයක ප්‍රදර්ශනයට තබා තිබූ ගෝන අං තට්ටු 18 ක් සහ සත්ත්ව කොටස් ගණනාවක් සමඟ ඊයේ  (10) එම සංචාරක නිකේතනයේ කළමණාකරු සැකපිට අත්අඩංගුවට ගත් බව නුවරඑළිය පොලිසිය පවසයි. පොලිස් බුද්ධි අංශ නිලධාරින්ට ලද තොරතුරක් මත නුවරඑළිය පොලිස් මුලස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායමක් අදාළ සංචාරක නිකේතනය පරික්ෂාකර සත්ත්ව කොටස් තොගය පොලිස් භාරයට ගෙන තිබේ.

ඉදිරි  නීතිමය පියවර ගැනිම සඳහා සත්ත්ව කොටස් නුවරඑළිය වනජීවි කාර්යාලය වෙත ලබාදුන් බව නුවරඑළිය මුලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන විජේසේකර මහතා පැවැසීය.

අදාළ ස්ථානයේ තිබී ගෝන අං තට්ටු 18 ක් ගෝන කකුල් දෙකක්,මී හරක් අං තට්ටු දෙකක්,මුහුදු බෙල්ලන්ගේ කවච තොගයක්,පිඹුරු හැවක් සහ සමනලුන් විශාල සංඛ්‍යාවක් හමුව තිබේ. අත්අඩංගුවට ගත් සැකකරු නුවරඑළිය ප්‍රදේශයේම පදිංචිකරුවෙකි සැකකරු නුවරඑළිය වනජිවි කාර්යාලයේ නිලධාරින් විසින් නුවරඑළිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගනු ලැබ ඇත. නුවරඑළිය පොලිස් කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික උඩුගමසූරිය මහතාගේ උපදෙස් මත නුවරඑළිය පොලිස් මුලස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක චන්දන විජේසේකර,උප පොලිස් පරීක්ෂක විරසිරි,පොලිස් සැරයන් ප්‍රියංකර (66428),පොලිස් සැරයන් දේශප්‍රිය (56645) ,පොලිස් සැරයන් ප්‍රදීප් (33723),පොලිස් කොස්තාපල් හේවගේ(21864),පොලිස් කොස්තාපල් දිමන්ත (81604),පොලිස් කොස්තාපල් හේරත් (69765) යන නිලධාරින් මෙම වැටලිම සිදුකර තිබේ.

 

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *