ගොවියන්ට පොහොර නෑ. බඩු ගිනි ගණන්. ඌරුවරිගේ වන්නියලැත්තෝ පවසති.

චාමින්ද බුලත්සිංහල, ගිරාඳුරුකෝට්ටේ.

 වැඩිවන බඩු මිල  සම්බන්ධයෙන් දඹාන ආදිවාසී නායක විශ්ව කීර්ති වනස්පති  ඌරුවරිගයේ වන්නියලැත්තන් විසින් දඹාන කොටබකිනියේදී මාධ්‍ය හමුවක් පැවැත් වූ අතර, එහිදී  අදහස් දැක්වූආදිවාසී නායක , විශ්ව කීර්ති වනස්පති  ඌරුවරිගයේ වන්නියලැත්තෝ, මම හිතනවා මේ කාලෙ වෙනකොට මේ රටට අත් වී ඇති ඉරණම.ඇති වීගෙන  යන විනාශය. මෙය රටේ මිනිසුන්ට හිතාගන්ඩ තේරුම් ගන්ඩ බැරිතරම්, මිනිස්සුන්ට  කතා කරන්න ඕන කියලාමට හිතුනා . හැබැයි මම නම් ජීවත් වෙන්නේ මේ කැලේ.  මම කැලේ ජීවත් වුණාට. මටත් ආරංචි වෙනවා. මටත් ඇහැට පේනවා මේ රටට අද දවස වෙනකොට මොකක්ද වෙන්නේ කියලා. මටත් තේරෙනවා. ඇත්තටම මේ අපේ රටද කියන තරමට  පහලට වැටිලා හරිම කණගාටුයි . ගොඩක් ලස්සනට තිබුන රටක්. මේ රටසොබාදහමේ අපූරු නිර්මාණයක් .ඒත් අද, ස්වභාදහම ම අපට එරෙහි වෙලා .විකෘති වෙලා.සොබා දහමට වින කරලා. කොරෝනා ආවා ඩෙංගු ආවා.
නාය ගියා ගංවතුර ආවා. . ඉතින් ඒ වගේ කාලයක්  උදා වේගන එනකොට මේ කොරෝනා ඇවිල්ල අවුරුද්දක් විතර මිනිස්සුන්ට මොනවත්ම කරගන්ඩ බැරි තත්ත්වයක් උදා උනා. රස්සාවකට යන්න බැරි වුණා. ගොවිතැන කරගන්න බැරි වුණා. මොකුත්ම කරගන්න බැරි තත්ත්වයකට පත් වුණා. ඉතින් මම මේ කැලේ ඉඳලා කොළඹ පැත්තට යනකොට එනකොට මම දකිනවා මේ පාර පුරාවට එක එක
දේවල් තියාගෙන මිනිස්සු වෙළඳාම් කරනව.පාර අයිනේ කජුපුහුලන් මලුවලට දාලා විකුණනවා දැක්කා. පලතුරු විකුණලා ජීවත් වෙනවා දැක්කා.
එක එක තැන් වල කොළකැඳ විකුණලා ජීවත් වෙනවා දැක්කා.  දැන්  කොළඹට යන පාර දිගේ ඒවා පේන්නේ නෑ .හරියට මළමිනී වල දාන කනත්තක් වගේ . කවුරුත් නෑ පාළුවට ගිහිල්ලා.ඉතින් ඒ වගේ අමාරුවෙන් ජීවත් වෙන කාලෙක. මේ දවස් වෙනකොට. මටත් ආරංචි වෙනවා අපේ කඩවල් වලට  බඩුවක් ගන්න ගියාම එකට එකක් මිල වැඩි වෙලා. ඉතින් මෙහෙම මිල වැඩි උනාම. එක දවසකට කුලී වැඩ කරන මිනිහෙකුගේ පඩිය වෙන්නේ රුපියල් 1200 ක් හෝ 1500ක්. ඉතින් මෙහෙම දවසක් වැඩ කරලා එදා දවස ජීවත් වෙන්න ඒ මුදල මදි.. ගෙදර ඉන්න අයට කන්න දෙන්න බඩු ටික ගන්නකොට. තව වැඩියෙන් කඩේටත් ණය වෙන්න සිදුවෙනවා. ඉතින් ඇත්තටම මේ ගැන හිතලා බැලුවොත්. ගොවිතැන් කරන මිනිස්සුන්ට ගොවිතැන කරගන්න විදිහක් නෑ. අද දවස වෙනකොට පොහොර නෑ. මේ පොහොර ගැන ලොකුවට කතා කරනවා. එක්කෝ රටින් ගේනවා මේ රටේ හදනවා කියනවා. මොකක් හරි මේ ගොවියන්ට ගොවිතැන් වාරෙට දෙන්ඩ ඕනි. දැන් ඒකත් නැති වෙලා. කොරෝනා වලිනුත් මිනිස්සු බැටකාලා ඒ අතරෙම ගොවියට පොහොර ටිකක් දෙන්නෙ නෑ. ඒ මදිවට දැන් කඩේට ගියාම බඩු වල මිල. ඉහටත් උඩින්.ගිහිල්ලා තියෙනවා මේක අර ගහෙන් වැටුන මිනිහට ගොනා ඇන්නා වගේ වැඩක්. ඇත්තටම මේ රටේ ජීවත්වන මිනිස්සුන්ට මේ ප්‍රශ්නය. ඉවසන්ඩ ගොඩක් අමාරුයි. මේක ගැන ආණ්ඩුවේ ඉන්න ලොකු මහත්තුරු. ජනාධිපතිවරයා අගමැතිවරයා. ඒ වගේම එයාලගේ ඇමතිවරු. මේ කණ්ඩායම එකතු වෙලා. මේ මිනිස්සු ජීවත් කරවන්න ඕන.                                            මොනා කරන්නත් ඉස්සෙල්ලා. ඇත්තටම මිනිස්සු සතුටු වුනොත් තමයි. ඒ මිනිස්සු නැවත ඒගොල්ලොන්ට උදව් කරන්නේ.
දැන් මේ වෙලාවේ මේ ගොල්ලො කරන්නෙ ලොකු වැරැද්දක් මට තේරෙන විදිහට නං වෛරක්කාරයෝ ගොඩක් තමයි මේ ගොල්ලෝ සූදානම් කර ගන්නේ. ඉතින් මිනිස්සුන්ට මෙහෙම කරන්නෙ නැතුව මේ කණ්ඩායම එකතු වෙලා.මේ වැඩි වෙන බඩු මිලට සාධාරණ විසඳුමක් ලබා දෙන්න. මේක මිනිස්සුන්ට ජීවත් වෙන්න පුළුවන් විදිහට. පාලනය කරන්න. මේ බඩු වල මිල අඩු කරන්න.
මම මිනිස්සුන්ට නිකං බඩු දෙන්න කියනවා නෙවෙයි.  මේ බඩු වලට සාධාරණ මිලක් නියම කරන්න. මිනිහෙකුට ජීවත් වෙන්ට පුළුවන් විදිහට ඒ මිනිස්සුන්ට සාධාරණයක් වෙන විදිහට. කඩේකට ගිහිල්ලා බඩු ටිකක් ගන්නට නම් සාධාරණ මිලක් තියෙන්න ඕනි. ඉතින් එහෙම නැති වුණාම මිනිස්සු හැමදාම. ඔය අයට වෛර කරන්න පටන් ගන්නවා. මට නෙමේ ආන්ඩුවේ ඉන්න අයට වෛර කරන්න පටන් ගන්නවා. එහෙම නොවෙන්න නං ඔය බලධාරීන් හැම වෙලාවෙම. මේ ගන්න තීරණ ටිකක් කල්පනාකාරී වූ අරගෙන. නැවතත් මේ මිනිස්සු ළඟට යන්න ඕනි. නැවතත් මේ මිනිස්සුන්ගෙන් උදව් උපකාර ලබා ගන්න ඕනේ. කියන අදහසින්. මේ වැඩ ටික කෙරෙනවා නම් ගොඩක් හොඳයි කියන එක මම මේ වෙලාවේ කියනවා. ඉතින් ඒ වාගේ ම වැඩි වැඩියෙන් මේ රටේ නායකයා වශයෙන් ඉන්න ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ අවධානය යොමු වෙන්න ඕනි. ඒ අයට තමයි මේකේ බලය සහ වගකීම තියෙන්නේ.
ඒ අය මේ පිළිබඳව සාධාරණ විසඳුමක් සාකච්ඡා කරන ලබා දෙන්න ඕනි. ඇත්තටම මේ ගොවිතැන් කරන මිනිස්සු. අඩියටම වැටිලා ඉන්නේ. ආණ්ඩුවේ රස්සාව කරන මිනිස්සුන්ට ලැබෙන වැටුප තමයි ඒ විදිහටම ලැබෙන්නේ. ඒව වැඩි වෙන්නෙත් නෑ. ඇත්තටම මිනිස්සු මේ පෙළපාලි යන එක උද්ඝෝෂණ කරන එක. කෑගහන එකේ සාධාරණයක් තියෙනවා. බඩු වල මිල වැඩි වෙන්න වැඩි වෙන්න වැටුප සහ අනිත් තැන් වල මිලත් වැඩි වෙන්න ඕන. එහෙම නොමැති වුණොත් ගැටලුවක් වෙනවා ඉතින් ඒ ගැටලුවට පිළිතුරු කවුරුත් දෙන්ඩ ලෑස්ති වෙලා නෑ. ඉතින් ඒ නිසා තමයි මේ මහා විපත්තියක් සිදුවෙමින් පවතින්නේ. යනුවෙන් පැවසීය.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published.