ගුවන් යානයට ගැහුවෙ අපි. ඉරානය කියයි.

 ගුවන් යානයට ගැහුවෙ අපි. ඉරානය කියයි.

ටෙහෙරානය ආසන්නයේ අනතුරට ලක් වූ ගුවන් යානයට අත්වැරදීම නිසා ප්‍රහාරයක් එල්ල වූ බව ඉරානය පිළි ගනියි. ඉරාන ජනමාධ්‍ය ඔස්සේ විකාශය වූ ප්‍රවෘත්තිවලට අනුව මේ අත්වැරදීම නිසා අහිමි වූ ජීවිත ගණන 176 කි. ඉරාන රූපවාහිනියේ පෙනී සිටි හමුදා ප්‍රකාශකයාට අනුව එය මානව වරදකි (Human error). මේ කනගාටුදායක සිදුවීම එක්සත් ජනපදය මුල් වී සිදුවූ ව්‍යසනය නිසා උද්ගත වූ අත්වැරදීමක් බව ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඉරාන විදේශ අමාත්‍ය ජාවෙඩ් යුසුප්ද පැවසුවේය. ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ අභ්‍යන්තර හමුදා පරීක්ෂණයකින් ගුවන් යානා අනතුර සිදු වූ අන්දම සොයා ගත් බවත් විපතට පත් සියලු දෙනාගේ පවුල්වලට හා ඔවුන් අයත් ජාතීන්ට සිය ශෝකය පල කරන බවයි.

ටෙහෙරානයේ සිට යුක්රේනයේ කිව් අගනුවරට පියාසර කිරීමට නියමිතව ගුවනට එසවූ  යානයට පහර එල්ල වන විට  එහි ඉරාන ජාතිකයන් 82, කැනේඩියානුවන් 63, යුක්රයීන ජාතිකයින් 11, ස්වීඩන ජාතිකයන් 10, ඇෆ්ඝන් ජාතිකයන් 04, ජර්මානුවන් 03කු සහ බ්‍රිතානින් 03කු සිටියහ.

Lasantha de Silva

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *