“ගුවන්විදුලි රාජ්‍ය සම්මාන” අගමැති මූලිකත්වයෙන් තරඟයට වඩා ගුණත්මය ගැන හිතන්න අගමැති කියයි.

dav
අද (13) මරදාන එල්ෆින්ස්ටන් රඟහලේදී පැවති 2020 ගුවන්විදුලි රාජ්‍ය සම්මාන උළෙලේදී ජීවිතයේ එක්වරක් පමණක් පිරිනැමෙන, ගුවන්විදුලි යාවජීව ප්‍රතිභා ප්‍රණාම සම්මානයෙන් පාලිත පෙරේරා, පී.එච් අබ්දුල් හමීඩ්, ආරියසේන මිල්ලවිතානාච්චි යන ප්‍රවීණ ශිල්පීහු පුද ලදහ.
හඳුන්වා දෙනු ලැබූ කුසුම් පීරිස් අනුස්මරණ ගුවන්විදුලි සම්මානයෙන් පිදුම් ලැබුවේ දයා ද අල්විස් ශිල්පිනියයි. මෙම ශිල්පි, ශිල්පිනියන් වෙත සම්මාන පිරිනැමීම ගුවන්විදුලි රාජ්‍ය සම්මාන උළෙලේ ප්‍රධාන ආරාධිතයා වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් සිදු විය.
මේ වනවිට ගුවන්විදුලිය ඇතුළු සියලු මාධ්‍ය තරඟයක නිරත වෙමින් සිටින අතර ගුණාත්මයද අඩුවෙම්න් පවතින බව සම්මාන පිරිනැමීමෙන් අනතුරුව අදහස් ප්‍රකාශ කළ අගමැතිවරයා පැවසුවේය. එසේ ගුණත්මය අඩුවීම ජනතාවගේ අපේක්ෂාව නොවන බවද පැවසූ අග්‍රාමාත්‍යතුමන් පෙන්වා දුන්නේ තම අන්තර්ගතයේ ගුණත්මය රැකගැනීම මාධ්‍ය ආයතනවල වගකීම බවයි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැතිවරයා, රංග කලාකරුවන් වෙනුවෙන්ද කැපවීමට සිය රජය අපේක්ෂා කරන බව සඳහන් කළේය.
“පසුගිය කාලයේ එල්ෆින්ස්ටන් ශාලාව පුහුණු වෙන්න ගන්නවා නම් විශාල මුදලක් ගෙවන්න ශිල්පීන්ට සිද්ධ වුණා. මේක ලස්සනට හදලා තියෙනවා අපි ඒකට ස්තූති කරනවා. හැබැයි මේවයෙන් ශිල්පීන්ට වැඩක් ගන්න බැරිනම් පලක් නැහැ. ඉතිං අපි ඊයෙ තීන්දුවක් ගත්තා එල්ෆින්ස්ටන් සහ ටවර් රංග ශාලා අඩුවට ශිල්පීන්ට දෙන්න” ඒ අනුව නාට්‍ය ශිල්පීන්ට ඉදිරියේදී අඩු මුදලක් ගෙවා එම රංග ශාලා වෙන් කරගත හැකි වෙතැයිද අගමැතිවරයා විශ්වාසය පළ කළේය.