ගුවන්තොටුපල මගී පර්යන්තය; පිට අයට බෑ.

කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපලෙහි ඇතුළුවීමේ මගී පර්යන්තයට මගීන් නොවන අය ඇතුළු කර ගැනීම අද (28) උදෑසන සිට නැවත දැනුම් දෙන තුරු අත්හිටුවා ඇත. ඒ අනුව මගීන්ගේ හිතවතුන්ට හා පවුල්වල අයට එම පර්යන්තයට ඇතුළුවීම සඳහා ප්‍රවේශපත් ලබා නොදේ.
කොරෝනා වෛරසය පැතිර යාම වැළැක්වීම සඳහා සහ රෝග නිරෝධායනය පිණිස සෞඛ්‍ය අංශ දියත් කර ඇති වැඩපිළිවෙලට සහය පිණිස මෙසේ සිදුකරන බව වාර්තා වේ.