ගුරු උපදේශක රස්සාව, වෘත්තියක් වෙයි

ශ්‍රී ලංකාවේ ගුරු උපදේශක සේවය වෘත්තිය සේවාවක් ලෙස ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.ඒඅනුව ඊට අදාල ගැසට් නිවේදනය ප්‍රකාශයට පත්කළ සැනින් ගුරුවරුන් 4971ක් ගුරු උපදේශකවරුන් ලෙස බඳවා ගැනීමට නියමිතය. මීට පෙර හුදෙක් දේශපාලන පත්වීමක් වූ ගුරු උපදේශක සේවයේ නිරත වූවන්ට ඊට අදාලව සේවා ව්‍යවස්ථාවක් හෝ වෙනත් සේවා මඟ පෙන්වීම් නොවූ අතර ඊට හිමි වරප්‍රසාදද නොවීය.
වසර 62ක් තිස්සේ නොවිසඳී පැවති ගුරු උපදේශක වෘත්තියේ ගැටලු විසඳීම සම්බන්ධව පාර්ලිමේන්තුවේ අධ්‍යාපනය හා මානව සම්පත් සංවර්ධනය පිළිබද ආංශික අධීක්ෂණ කාරක සභාව ගනු ලැබූ පියවර නිසා මෙය සිදුවිය.
මේ බැව් අනාවරණය වූ රැස්වීමේදී, උසස් අධ්‍යාපනය සදහා වෘත්තිය නැඹුරුවකින් යුත් පරිගණක උපාධි පාඨමාලාවක් හඳුන්වා දීමට අදාළ කැබිනට් පත්‍රිකාවද කැබිනට් අනුමැතිය සදහා ඉදිරිපත් කර ඇති බවද දැනගැනීමට ලැබුණි.