ගිහාන් පිලපිටියගේ වැඩ තහනම්

ඇඹිලිපිටිය මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටියගේ සේවය අත්හිටුවීමේ නියෝගය ඊයේ (21) සවස නිකුත් කර තිබේ. අධිකරණ සේවා කොමිෂන් සභාව මෙම පියවර ගනු ලැබුවේ ඔහු සහ හිටපු රාජ්‍ය ඇමති රංජන් රාමනායක අතර සිදුව ඇති දුරකථන සංවාද හා ඒවායේ ඇතුළත් කරුණු සැළකිල්ලට ගනිමිනි. අදාල හඬපට සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කොට අනාවරණය කරගත් කරුණු ඇතුළත් වාර්තාවක් ජනාධිපතිවරයා වෙත භාර දී ඇති බවද වාර්තා වේ.