ගිලීමලේ හිමිවරුන්ට කොරෝනා නෙගටිව්

 ගිලීමලේ හිමිවරුන්ට කොරෝනා නෙගටිව්

බලංගොඩ නන්දන සම්පත්

රත්නපුර ගිලීමලේ මහමෙවුනා භාවනා අසපුවේ ස්වාමින්වහන්සේලා 07 දෙනාට සහ ගිහියන් දෙදෙනාට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවට අද (08) දා පස්වරුවේ රත්නපුර ශික්ෂණ රෝහලේදී සිදුකළ පි.සි.ආර් (PCR) පරික්ෂණයෙන් තහවුරු ව ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
වැලිසර නාවික කඳවුරේ සිට නිවාඩුවට පැමිණි නාවික සෙබළෙකු දැව කැටයමි කැපීම සඳහා ගිලීමලේ මහමෙවුනා භාවනා අසපුවට ගොස් තිබුණි. එම නාවික සෙබළාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව ඉකුත් (28) වැනිදා සිදුකළ පි.සි.ආර් පරික්ෂණයෙන් පසු තහවුරු විමත් සමග ස්වාමින් වහන්සේලා 07 දෙනා සහ ගිහියන් දෙදෙනා විහාරස්ථානය තුළම ස්වයං නිරෝධායනයට යොමු කිරිමට සෞඛ්‍ය සහ ආරක්ෂක අංශ කටයුතු කළහ. පසුව අද (08) දා සිදුකළ පි.සි.ආර්. පරික්ෂණයෙන් පසු එම ස්වාමින්වහන්සේලාට සහ ගිහියන් දෙදෙනාට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු ව ඇත.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *