ගිනිගත්හේනේ ආසාදිතයන් ගණන ඉහළ යයි.
ගිනිගත්හේන බ්ලැක්වෝටර් වත්තේ කොවිඩ් 19 වෛරසය ආසාදනය වූවන් ගණන 29 දක්වා ඉහළ ගොස් ඇත. මේ ප්‍රදේශය අයත් වන්නේ අඹගමුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා කොට්ඨාශයටයි. අඹගමුව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ක්‍රිශාන් ප්‍රේමසිරි පවසන්නේ, ඊයේ ආසාදිතයන් 19ක්ද අද ආසාදිතයන් 10ක්ද පී.සී.ආර් පරීක්ෂණවලින් හඳුනාගත් බවයි.
බ්ලැක්වෝටර් වත්ත ඉහළ සහ පහළ ඩිවිෂනවලින් මීට පෙර හඳුනාගත් ආසාදිතයන් 06 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන කරා යොමු කර ඇත. මේ වනවිට සමස්ත වතු කලාපයට සංචරණ සීමා පනවා ඇති අතර අද එහි වෙසෙන 800ක් දෙනා පී.සී.ආර් පරීක්ෂණවලට භාජනය කරන ලදී.
අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයට අයත් හැටන් පොලිස් බල ප්‍රදේශයෙන් ඇතුළුව මේ වනවිට මේ වනවිට ආසාදිතයන් සොයාගෙන ඇත්තේ, නෝටන්බ්‍රිජ් දඬුකැලේ වත්ත, වටවල ආගරකන්ද ප්‍රදේශවලිනි.
සංචරණය සීමා කළ ප්‍රදේශවලට මේ වනවිට හමුදා සහ පොලිස් ආරක්ෂාව යොදවා ඇත.
1 Comment
Im thankful for the blog post. Really thank you! Cool. Berni Bord Werner