ගැටලු විසඳන්න. අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමය රජයට සති දෙකක් දෙයි.

මහනුවර මොහොමඩ්  ආසික්

අධ්‍යාපන අනධ්‍යයන සේවකයින්ගේ නොවිසඳී ඇති ගැටළු වලට ඉදිරි සති දෙක ඇතුලත විසඳුමක් නොලැබුණහොත් දැඩි වෘත්තිය සමිති  ක්‍රියාමාර්ග ගන්නා  බව අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමය කියයි.

මහනුවර අලවතුගොඩ පිහිටි අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමයේ ප්‍රධාන කාර්යාලයේදී  අද 19 වනදා සවස පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින්  අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමයේ  ප්‍රධාන ලේකම් අජිත්  කේ.තිලකරත්න මහතා මේ බව  කීය.

 අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමය ලබන 21 වනදා සිට ක්‍රියාත්මක කිරිමට නියමිතව තිබූ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය නවතා තම දරුවන්ගේ අධ්‍යාපනයට සහාය වන ලෙස ඉල්ලමින් දෙමාපියන් පිරිසක් අද දිනයේදී අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමය වෙත පැමිණ එහි  ප්‍රධාන ලේකම්  අජිත් කේ.තිලකරත්න මහතා  වෙත සංදේශයක් භාර දීමද සිදු විය.  සංදේශය භාර දිමෙන් පසුව මාධ්‍ය  වෙත අදහස් දැක්වූ දෙමාපියන් සඳහන් කළේ, වසර දෙක්ම දරුවන්ගේ අධ්‍යාපන ආපස්සට ගොස් ඇති බවත් ඔන්ලයින් අධ්‍යාපනය නිසි පරිදි දරුවන් නොලැබෙන බවත් එමගින් විවිධ අකටයුතුකම් වාර්තා වන බවත්ය. එම නිසා පාසැල් ආරම්භ කිරිමට සිය සහාය ලබා දෙන ලෙසත් වෘත්තිය අයිතිවාසිකම් ලබා ගැනීම සඳහා කරනු ලබන සටන් දරුවන්ගේ අධ්‍යාපනයට හානි නොවන අයුරින් පාසැල් විවෘත කිරීමෙන් පසුව  සිදු කරන ලෙස ද ඔවුහූ ඉල්ලා සිටියහ.

ඉන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ අධ්‍යාපන අනධ්‍යයන සේවක මසංගමයේ ප්‍රධාන ලේකම් අජිත් කේ.තිලකරත්න මහතා මෙසේද  කිය.

එළඹෙන 21 වනදා සිට ක්‍රියාත්මක කිරීම සඳහා  සූදානම් කර තිබූ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය දෙමාපියන්  සිසුන් ඇතුළු පාර්ශව කිහිපයක ඉල්ලීම් මත ආපස්සට ගැනීමට කටයුතු කරන බවත්,අධ්‍යාපන අනධ්‍යයන සේවකයින්ගේ  මෙතෙක් නොවිසඳී ඇති ගැටළු විසඳීම සම්බන්ධයෙන්  සාධනීය පිළිතුරක්  සති දෙකක් ඇතුලත බලධාරින්ගෙන්  නොලැබෙන්නේ නම්  සති දෙකකින් පසුව දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බවද කීය.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published.